+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙවියන්වහන්සේ ඔබ ඉදිරියෙහි විවෘත දොරක් තබා ඇත - මනූ මැතානි
August 7, 2022 Sunday Sermon Notes


දානියෙල් ඇදහිල්ලෙන් ජීවත් වුණා.

අපගේ ආරක්ෂාව දෙවියන්වහන්සේගෙන්මය.

එළිදරව් 3:7-8 තවද පිලදෙල්පියාවෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න: ශුද්ධවූ, සැබෑවූ, දාවිත්ගේ යතුර ඇත්තාවූ, කිසිවෙක් නොපියන ලෙස අරින්නාවූ, කිසිවෙක් නාරින ලෙස පියන්නාවූ තැනන්වහන්සේ මේ කාරණා කියනසේක. එනම්: මම නුඹේ ක්‍රියා දනිමි, (මෙන්න, කිසිවෙකුට පියන්ට බැරිවූ ඇරපු දොරක් නුඹ ඉදිරියෙහි මා විසින් තබා තිබේ.) නුඹට ඇත්තේ ස්වල්ප බලයක්ය. නුඹ මාගේ වචන රක්ෂාකෙළෙහිය, මාගේ නාමය නුඹ එපාකළේ නැත.

ස්වාමීන්වහන්සේ සියල්ල දැන සිටිනවා.

ඔබ මට ප්‍රේම කරන නිසයි මාගේ වචනය රක්ෂා කරන්නේ.

යොහන් 14:21 යමෙක් මාගේ ආඥා පිළිගෙන රක්ෂාකෙරේද, මට ප්‍රේමකරන්නේ ඔහුය. මට ප්‍රේමකරන්නා මාගේ පියාණන් විසින් ප්‍රේමකරනු ලබන්නේය, මමද ඔහුට ප්‍රේමකොට ඔහුට ප්‍රකාශවන්නෙමියි කීසේක.

උන්වහන්සේ අප සමඟ ක්‍රියා කරන්නේ බොහොසේ ඉවසිලිවන්තකමෙන්.

අපගේ ගැළවීමෙන් පසු අපි රක්ෂා කළ යුත්තේ ස්වාමීන්වහන්සේගේ නාමයත් උන්වහන්සේගේ වචනයත් පමණි.

භය නොවන්න, උන්වහන්සේ අප වෙනුවෙන් යාච්ඤා කරනවා අපට ආරක්ෂාව සලස්වා දෙනවා.

දෙවියන්වහන්සේ විවර කර තිබෙන දොරටුව තුළින් ඇතුල් වෙන්න.

දෙවියන්වහන්සේ යම් දරටු ඔබේ ජීවිතයේ වස දමා තිබෙනවා නම් ඒවා විවර කරන්න තැත් නොකරන්න.

අපගේ මාංසයේ කැමැත්තට වඩා දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නට එකඟ වන්න.

ගීතාවලිය 33:3 උන්වහන්සේට අලුත් ගීතිකාවක් ගායනාකරව්; මහත් ශබ්දයකින් දක්ෂලෙස වාදනය කරව්.

ගීතාවලිය 29:2 ස්වාමීන්ගේ නාමයට දියයුතු මහිමය දෙව්; ශුද්ධකමේ අලංකාරයෙන් ස්වාමීන්ට නමස්කාරකරව්.

දෙවියන්වහන්සේ කැමැත්තෙන් සිටින්නේ ඔබගේ ජීවිතයේ අලුත් දෙයක් කරන්නයි.

පරණ දේවල් පහ කරන්න.

ශෙපනියා 3:17 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ තුළ සිටිනසේක, උන්වහන්සේ ගළවන්ට බලවත්වූ තැනන්වහන්සේය. උන්වහන්සේ සන්තෝෂයෙන් නුඹ කෙරෙහි ප්‍රීතිවී, තමන්ගේ ප්‍රේමයෙහි නිශ්චලව සිටිනසේක, ප්‍රීති ඝෝෂාවෙන් නුඹ කෙරෙහි ප්‍රීතිමත්වනසේක.

දෙවියන්වහන්සේ ඔබ ගැන ප්‍රීති වෙනවා.

ඔබ කිසිදා තනි වෙන්නේ නැත. ස්වාමීන්වහන්සේ සහ උන්වහන්සේගේ දූතයන් ගණනාවක් ඔබ සමඟ සිටිනවා.

යෙසායා 43:18-19 පළමු කාරණා සිහි නොකරන්න, පුරාණ දේවල්ද කල්පනා නොකරන්න. බලව, මම අමුතු දෙයක් කරන්නෙමි; දැන් ඒක අටගන්නවා ඇත; නුඹලා ඒක නොදන්නහුද? මම කාන්තාරයෙහි පවා මාර්ගයක්ද වනයෙහි ගංගාද සාදන්නෙමි.

පරණ දේවල් ගැන සිතන්න අවශ්‍ය නැත.

ගීතාවලිය 34:5 ඔව්හු උන්වහන්සේ දෙස බලා එළිය ලැබුවෝය. ඔවුන්ගේ මුහුණු කිසි කලකත් ලජ්ජා නොවන්නේය.

ඔබට තිබෙන්නේ ඉදිරියට ගමන් කරන්නයි.

යෙරෙමියා 7:24 නුමුත් ඔව්හු අසන්නේවත් තමුන්ගේ කන් යොමුකරන්නේවත් නැතුව, තමුන්ගේ නපුරු සිතේ මන්ත්‍රණවලද මුරණ්ඩුකමේද හැසිරෙමින්, ඉස්සරහට නොව පස්සට ගියෝය.

සියලු කරදර උන්වහන්සේ පිට තබන්න.

ඔබ ලැජ්ජාව ගැන සිතන්න එපා.

ස්වාමීන්වහන්සේ අපගේ ලැජ්ජාව දරා ගත්සේක.

අපගේ පියාණන්වහන්සේ අපව ආරක්ෂා කරනසේක.

හෙබ්‍රෙව් 13:6 මෙසේ: ස්වාමීන්වහන්සේ මාගේ උපකාර කාරයාණෝය; මම භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කරන්නේ කුමක්ද? කියා මහත් ධෛර්යයෙන් යුක්තව කියමු.
මනුෂ්‍යයා ගැන මම භය වන්නේ නැහැ.

ගීතාවලිය 23:6
සැබවින් යහපත්කමත් කරුණාවත් මාගේ ජීවිතයේ සියලු දවස්වල මා අනුව එන්නේය. මම සදාකල්ම ස්වාමීන්ගේ ගෘහයෙහි වාසයකරන්නෙමි.

පොළොවේ වාසයකරන තුරු යහපත්කමත් කරුණාවත් මිතුරන් දෙදෙනෙකු සේ් අප සමඟම සිටිනවා.

යෙසායා 43:19 බලව, මම අමුතු දෙයක් කරන්නෙමි; දැන් ඒක අටගන්නවා ඇත; නුඹලා ඒක නොදන්නහුද? මම කාන්තාරයෙහි පවා මාර්ගයක්ද වනයෙහි ගංගාද සාදන්නෙමි.

ස්වාමීන්වහන්සේ අප වෙනුවෙන් අලුත් දොරටු විවර කරනවා.

ඔබගේ අන්තිම තීන්දුව විය යුත්තේ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මගපෙන්වීම.
ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබගේ අනාගතයට බලපාන හැමදේටම ඔබට මගපෙන්වනවා.

උන්වහන්සේ ඔබව සනසවන ආත්මයයි. ශක්තිමත් කරන ආත්මයයි, ධෛර්යමත් කරන ආත්මයයි.

ඔබට ප‍්‍රඥාව දෙන ආත්මයයි, ශක්තිය හැකියාව පුළුවන්කම දෙන තැනැන්වහන්සේයි ඔබ තුළ වාසය කරන්නේ.

දෙවියන්වහන්සේ පරාජයේ දෙවිකෙනෙකු නොවේ. එම නිසා ඔබත් පරාජයෙන් ජීවත් විය යුතු නැත.

අප ජීවත්විය යුත්තේ අභ්‍යන්තර ශක්තියෙන්.

පිලිප්පි 4:13‭ මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලුදේ කරන්ට පුළුවන.

අපගේ මුඛයයෙන් ජීවන වචන කතා කරමු. හිතෝපදේශ 18:21

සීමොන් පේතෘස් උන්වහන්සේට උත්තරදෙමින්: ස්වාමීනි, අපි කා ළඟට යමුද? සදාකාල ජීවනයේ වචන ඔබවහන්සේට ඇත්තේය.
ශු. යොහන් 6:68

අප දෙවියන්වහන්සේ හා සමඟ සම්බන්ධකම් පවත්වනවානම් අපද කථාකළ යුත්තේ ජීවන වචනයි.

ලඟ සිටින අයගෙන් සැනසිලි වචන බලාපොරොත්තුවන්න එපා.
දෙවියන්වහන්සේ පමණයි අපගේ සැනසීම.

අප ස්වාමීන්වහන්සේ වන අපගේ එඬේරාගේ හඬට ඇහුම්කන් දිය යුතුයි.

රෝම 8:11 තවද යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරනසේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේ නුඹලා තුළෙහි වසන තමන්ගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ මරණීය ශරීරයන්ද ජීවත් කරනසේක.

ඔබගේ ඇස් ඔබ තුළ වාසය කරන තැනැන්වහන්සේ වෙත යොමු කරන්න.

මනුෂ්‍යයා සුළු කරන එක නවත්වන්න.

එළිදරව් 12:10 එවිට: අපගේ දෙවියන්වහන්සේගේ ගැළවීමද බලයද රාජ්‍යයද තමන් ක්‍රිස්තුස්වහන්සේගේ ආණ්ඩුබලයද දැන් පැමුණුණේය. මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ ඉදිරිපිට රෑ දාවල් අපේ සහෝදරයන්ට වරදතබන්නාවූ, ඔවුන්ගේ වරදතබන්නා පහත හෙළනු ලැබුවේය.

ඔබ ධෛර්යයමත් වන්න.

ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ ඉදිරියේ විවෘත කර ඇති දොරටුවෙන් ගමන් කර ඔබගේ සාමය රකින්න. ඔබගේ පි‍්‍රතිය තුළ ජීවත්වන්න.

අප එකිනෙකා ධෛර්යමත් කරන්න තෝරා ගමු.

යෝවෙල් 2:25-27 මා විසින් නුඹලා අතරට එවුවාවූ මාගේ මහත් සමුදාව වන පළඟැටියන්ද කෙඳි-පළඟැටියන්ද කපන-පළඟැටියන්ද පළඟැටි පණුවන්ද නාස්තිකළාවූ අවුරුදු මම නුඹලාට නැවත දෙන්නෙමි.

අපට නැතිවුනාවු අවුරුදු නැවත ස්වාමීන්වහන්සේ පිහිටවනවා.

26 නුඹලා වනාහි කෑම කා තෘප්තියට පැමිණ, නුඹලා ගැන පුදුමලෙස ක්‍රියා කළාවු නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය වර්ණනාකරන්නහුය. මාගේ සෙනඟ කිසි කලෙකත් ලජ්ජාවට පත් නොවන්නෝය. 27 මා ඉශ්‍රායෙල්වරුන් අතරේ සිටින බවත් මා නුඹලාගේ දෙවිවු ස්වාමීන්වහන්සේ බවත් වෙන කෙනෙක් නැති බවත් නුඹලා දැනගන්නවා ඇත. මාගේ සෙනඟ කිසි කලෙකත් ලජ්ජාවට නොපැමිණෙන්නෝය.

දෙවියන්වහන්සේ අප මාධ්‍යයේ සිටින්නේ, උන්වහන්සේ ඇරෙන්නට වෙන දෙවි කෙනෙකු නැතේ.


Watch the Sermon Video

Read 373 times