+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
මා ජීවය ඔබ තුළ වන්නේ
මා ජීවය ඔබ තුළ වන්නේ
මා ශක්තිය ඔබ තුළ වන්නේ
මා පැතුමන් ඔබ තුළ වන්නේ
සමිඳුන් ඔබ තුළමයි
(x2)
මා ජීවයෙහි ඔබ පසසන්නම්
මා ශක්තියෙහි ඔබ පසසන්නම්
මා මුළු ජීවිතෙන් මා මුළු ශක්තියෙන්
මා පැතුමන් හිමි ඔබ තුළයි
ඔබෙ දුක් සිත මාරු කරන්
ඔබෙ දුක් සිත මාරු කරන්
ප‍්‍රීතිමත් හදකට
සමරන් දෙවිඳුන් කළ දේ
පසසා ගී ගයමු අප එක් රැස්වී
සමරමු ප්‍රේමයේ සමිඳුන්
යේසුස් අපගේ ස්වාමීන්
එතුමන් රජකරයි
දෙව් රාජ්‍යය පැමිණුන බැව් පවසම්
හිමිගේ ශුධ ආලෝකෙන්
අඳුර නැති වී යයි
සමරමු ප්‍රේමයේ සමිඳුන්
මුළු මැවිල්ල ගයයි (ස්තුති පැසසුම්)
සයුරේ රළ හඬ අසව්
ක‍්‍රිස්තුස් ස්වාමීන් බැව් පොළොව පවසන්
ක‍්‍රිස්තුස් ස්වාමීන් වේ - ක‍්‍රිස්තුස් ස්වාමීන් වේ


