+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සමිඳුන්ගේ අභියසට අපි ප‍්‍රීතියෙන් එමු


සමිඳුන්ගේ අභියසට අපි ප‍්‍රීතියෙන් එමු
අපෙ හදවත් සමිඳුට කැප කරමු
සමිඳුන්ගේ අභියසට අපි ප‍්‍රීතියෙන් එමු
අපි ප‍්‍රීතියෙන් එතුමන් නමදිමු
(x2)


එතුම්ගේ ජනයන්ගේ පැසසුම් තුළ
වැඩ වසනා බැව් දෙවිඳුන් පවසයි
එතුමන් සොයනුයේ ආත්මයෙන් හා
සැබෑකමෙන් නමදින අයවයි
අප දෑත් ඔසවමින් පැසසුම් පිරි මුවින්
ගී ගයමින් නටමින් ප‍්‍රීතියෙන් සමරමු

හාලේලූයා හාලේලූයා
එතුම් අභියසට එමු ප‍්‍රීතියෙන් ප‍්‍රීතියෙන්
හාලේලූයා හාලේලූයා
අපෙ හදවත් සමිඳුට කැප කරමු

 

Read 261 times