+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

කුරුසෙදී මිල ගෙව්වේ මා යේසුස්


VERSE 1:

කුරුසෙදී මිල ගෙව්වේ මා යේසුස්
ශාපයෙන් මුදවා මට සුවය ගෙන දුන්නේ
අන්ධකාර බල බිඳ දමමින්
නිරයෙන් ජයගත්තේ
මළවුන්ගෙන් නැගිටුනේ ජීවමානවයි

CHORUS:
ඒ නිසා සුවය ප‍්‍රිය කරමි

ලෙඩ රෝගෙට ඉඩ නොදෙමි
බොරු වදනට ඉඩ නොදෙමි
සොරකමටත් ඉඩ නොදෙමි
එනමුත් පේ්‍්‍රමෙන් සිටිමින්
දෙව් ගිවිසුම පවසමි
රජ කරනෙමි මා දැන් යේසුස් සමගින්

VERSE 2:
යේසුස්ගේ කස පහරින් මා සුවයි

යේසුස් තුවාල ලැබුවේ මා උදෙසයි
හිමි පාපේ සැම පීඩා දැරුවේ
එතුම් අනගි ලේ පිදුවේ
යේසුස්ගේ කස පහරින් මා සුවයි

VERSE 3:
මරණෙට නැත
එතුම් කෙරෙහි අධිපතිකම්

මැරුණෙමි මා පාපෙට
යේසුස් සමිඳුන් මෙන්

කිතු තුළ දැන් දෙවිඳුන් හඳුනන්නෙමි
නව උපත මා ලැබු නිසා
දෙවිඳුන් තුළ මා දැන් ජීවත් වන්නෙමි

 

Read 259 times