+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මේ දවසේ - මේ උදයේ - මේ ස්ථානයේ


මේ දවසේ - මේ උදයේ - මේ ස්ථානයේ
මා ස්වාමීන් නමදිමී (x2)

ශුද්ධාත්මයේ උපකාරයෙන් මා ජීවත් වන්නෙමි
වචනයේ එළිදරව්වෙන් මා බලවන්ත වෙමී
හිමි යේසුස් නාමෙන් සවිමත් වෙමින්
ඇදහිල්ලෙන් ස්ථීර වෙමි ඕ ඕ ඕ ඕ....

මේ ලෝකයේ - මේ ද්වීපයේ - මේ නගරයේ
යේසුස් නාමය ඔසවමී (x2)

දිව්‍ය සුවයෙන් හා සඵලත්වයෙන් මා ජීවත් වන්නෙමි
පේ‍්‍රමෙන් හා ජීවනයෙන් මා බලවන්ත වෙමී
කිතු යේසුස් තුළින් සවිමත් වෙමින්
අනුග‍්‍රහයෙන් ස්ථීර වෙමි ඕ ඕ ඕ ඕ....

 

Read 201 times