+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

නව උපතක් මා ලැබුවෙමි


VERSE 1:

නව උපතක් මා ලැබුවෙමි
නව හදවතක් මා හට දෙන ලදී
නව ආත්මයක් මා තුළ පවතී
නව දිවියක් දැන් මා ගත කරමි

VERSE 2:
නව ප්‍රේමයක් මා තුළ වැගිරුවේ
නව ජීවනයක් සමිඳා මට දුන්නේ
නව ස්වභාවයක් මා හට දෙනු ලැබුවේ
නව පනතකට මා ඇතුළු වූණේ

CHORUS:
මා නව මැවිල්ලයි - මා තුළ නව ජීවනයයි
මෙය නව ගිවිසුමයි - මා නව ආත්මයයි
(x2)

VERSE 3:
නව ගීතයක් සමිඳුට මා ගයමි
නව මාර්ගයක මා ගමන් කරමි
නව රාජ්‍යයක් තුළ මා දැන් සිටිමි
නව ගිවිසුමකට මා පිවිසුනෙමි

 

Read 187 times