+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
කවුද සගයේ තරු මැව්වේ
VERSE:
කවුද සගයේ තරු මැව්වේ
අහස මුහුද පොළොවත්
කවුද මේ සෑම දේ මැව්වේ
මාව මැව්වේ කවුදෝ (x2)
යේසුස් යේසුස් යේසුස්
එතුම් ජීවමාන දෙව් පුතුන් (x2)
කවුද අඳුරෙන් එළිය වෙන් කළේ
ඉරද හඳද මැව්වේ
වනයේ ගස් හා තණකොළ වැව්වේ
මාව මැව්වේ කවුදෝ (x2)
යේසුස් යේසුස් යේසුස්
එතුම් ජීවනයේ දෙව් වදනයි (x2)
කවුද අහසේ පක්ෂීන් මැව්වේ
මුහුදේ මසුන් දැමුවේ
සියලූම සත්වයන් මැව්වේ
මාව මැව්වේ කවුදෝ (x2)
යේසුස් යේසුස් යේසුස්
එතුම් ජීවනයේ දෙවිඳුයි (x2)


