+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

මා නිදහස් මා නිදහස්


VERSE:

මා නිදහස් මා නිදහස්
යේසුස් මා නිදහස් කළා
ලේ වලින් මා සේදුවේ
බැටළුතුමන්ගේ ලේ වලින්
යේසුස් මා නිදහස් කළා
එතුම් කුරුසියේ මැරුණු දා
මිලය ගෙවා ඇතේ මා නිදහස් (x2)

යේසුස් සෙව්වදා
මා පාපයේ මැරී සිටියේ
ගෙවන්න බැරිවූ ණය බරකින් මා සිටියේ
වරදකරු මෙන් චෝදනා එල්ලව
මරණය මගෙ කොටස වුණා
නමුත් යේසුස් ඇවිත්
මා ස්ථානය ගත්තේ

මා නිදහස් මා නිදහස්

මට එරෙහිවූ සැම නියෝගවල
ලියවිල්ලක්ම, සැම ණයක්ම
එතුම් කුරුසියේ ඇණ ගැසුවේ
එතුම් මරණය ජය ගත්තේ
එය ප‍්‍රසිද්ධියේ පෙන්වූයේ
ඉන්පසු එතුම් නැඟිටිමින්
මා හට ජය දුන්නේ

මා නිදහස් මා නිදහස්

මා ජයගත්තෙකුයි ඕ ඕ
හා ජයගත්තේ යේසුස්ගේ නාමෙන් (x4)

යේසුස් තුළ මට නිදහස ඇතේ
යේසුස් තුළ නිදහස ඇතේ x2
මා ජයගත්තේ (x6)

යේසුස් මා නිදහස් කළා
එතුම් කුරුසියේ මැරුණු දා
මිලය ගෙවා ඇතේ මා නිදහස් (x2)

 

 

Read 296 times