+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
මාගේ හද ගැඹුරින් පෙම් කරම්
VERSE:
මාගේ හද ගැඹුරින් පෙම් කරම්
මා මුවින් ප‍්‍රශංසා පුදමින්
මාගේ දෑත් ඔසවා ස්තුති දෙම්
සතුටින් ගී ගයා නමදිමින්
මාගේ නෙත් ඔබ වෙත ඔසවම්
මගේ සවන් ඔබෙ හඬ අසමින්
මගේ දෙපා නටයි පී‍්‍රතියෙන්
සතුටින් ගී ගයා නමදිමින්
ඔබේ උතුම්කම පවසන්නෙම්
ඔබ මැවූ සියල්ල ගැන ස්තුති දෙම්
ඔබේ බල මහිමේ වර්ණනා කරම්
මාගේ රජිඳුගේ ගුණ ගයමින්
යේසුස් ස්වාමීන් මාගේ ජීවනයයි
යේසුස් ස්වාමීන් මාගේ රැුකවරණයයි
යේසුස් ස්වාමීන් මාගේ බලකොටුවයි
යේසුස් ස්වාමීන් මාගේ රජිඳුන් වේ


