+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මා තුළ පවතින්න


CHORUS:
මා තුළ පවතින්න
මන්ද මා ඔබ තුළයි
මගේ වචනය රැකගන්න
මන්ද ජීවනය ඒ තුළයි
(x2)
යේසුස් හිමි පැවසූ වදන්ය මේවා

VERSE 1:
සැබෑ වූ මිදිවැල ස්වාමීවූ යේසුස් වේ
එම ජීවන වෘක්ෂයේ අත්තක්
මා වන්නෙම්

(x2)
ඔබෙ වචනයෙන් පිවිතුරු වී
මා බොහෝසේ එල දරමින්
මගෙ පියවූ දෙවිඳුගේ උයනෙහි පවතින්නෙම්

VERSE 2:
දැන් ඔබ පවිත‍්‍ර වන්නේ
මා පැවසූ වදනින්

එබැවින් මෙ වදන්
ඔබ තුළම තබා ගනිමින්

(x2)
ඕනැ දෙයක් ඉල්ලන්න
ඔබහට එය දෙනු ලැබේ
යේසුස් හිමි පැවසූ වදන්ය මේවා

VERSE 3:
මගේ අණ පනත්
ඔබෙ හදෙහි සඟවා ගන්න

මගේ ප්‍රේමය තුළ ඔබ නිතරම පවතින්න
(x2)
ඔබෙ ප්‍රීතිය පූර්ණ වී
මගෙ ප්‍රීතිය ඔබ සනසයි
යේසුස් හිමි පැවසූ වදන්ය මේවා

 

Read 262 times