+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

අපි ජය ලැබූ ශුද්ධවන්තයෝ


CHORUS:

අපි ජය ලැබූ ශුද්ධවන්තයෝ
හිමිගේ මහිමෙන් පිරුනාවු දරුවෝ
ස්තුති පැසසුම් දෙන්න ශූරයෝ
දෙවිඳුන්ගේ ගුණ ගයන්න වීරයෝ

VERSE 1:
බලයෙන් නොවේ - සවියෙන් නොවේ
ඔබෙ ආත්මයෙන් සැමදේ සිදුවේ
රන් වලින් නොවේ - රිදී වලින් නොවේ
ඔබේ අනගි ලේ තුළින් මා මිදුවේ

VERSE 2:
හිමි අපට නොවේ සමිඳුනි අපට නොවේ
ඔබේ නාමෙට පමණක් ගෞරව වේ
අපගේ යහපත්කම හෝ
දමිටු කම නිසා නොවේ

ඔබේ ප්‍රේමයෙන් අප කැඳවූයේ

VERSE 3:
ජය ලැබුවේ යේසුස් නාමයෙන්
මිදීම ඇත යේසුස් නාමයෙන්
සුව ලැබුවේ යේසුස් නාමයෙන්
බලය ඇත යේසුස් නාමයෙන්

 

Read 1061 times