+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

එතුම් තුළ මා ජයගන්නෙකු වෙමි


එතුම් තුළ මා ජයගන්නෙකු වෙමි
එතුම් තුළ මා දිනුම්කරුවෙකු වෙමි
මට සියල්ල කළ හැකියි
ජීවිතේ රජ කරම්
හිමිගේ වචනය
මගේ හදෙහි ලියා ඇතේ
ධෛර්යෙන් පවසමි

එතුම් තුළ මා නව මැවිල්ලක් වෙමි
එතුමි තුළ මා සැම දෙයින් ඉහළින් සිටිම්
දෙවිඳුගේ ආත්මය මා තුළ පවතියි
මගේ නම හිමි ජීවන පොතේ
ලියා ඇතේ
සැකයක් නැතිව පවසමි


ස්වාමීන්ගේ වදන් මගේ සිරුරට


ස්වාමීන්ගේ වදන් මගේ සිරුරට...
සුවය ගෙන දෙයි ඒවා සුවය ගෙන දෙයි
ස්වාමීන්ගේ ආත්මය මගේ දිවියට
සහනය ගෙන දෙයි - සහනය ගෙන දෙයි
ඔබෙ සිතුවිලි චේතනා මගෙ මනසට සමාදානයයි x2
දෙව් පී‍්‍රතිය මගේ ශක්තියයි x2

ඔබගේ වදන් මගේ සිරුරට
සුවය ගෙන දෙයි ඒවා සුවය ගෙන දෙයි
ඔබේ ආත්මය මගේ දිවියට
සහනය ගෙන දෙයි - සහනය ගෙන දෙයි
ඔබෙ සිතුවිලි චේතනා මගෙ මනසට සමාදානයයි x2
ඔබේ පී‍්‍රතිය මගේ ශක්තියයි x2

Read 195 times