+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

යේසුස් ගැළවුම්කරුතුමා


යේසුස් ගැළවුම්කරුතුමා
පුදුමයි ඒ නාමේ

යේසුස් මාගේ පව් ඔසවා
නින්දාවන් දැරුවේ

දෙවිඳුන් එතුමව උසස් කළේ
අපගේ දොරටුව සමිඳාවේ
ඕ යේසුස් පසසන්නෙමි ඔබෙ නාමේ 
ඕ යේසුස් පසසන්නෙමි ඔබෙ නාමේ


යේසුස් ශුද්ධයි පිවිතුරුයි
යේසුස් දෙව් පුතුන්

ගිණි පවුරයි අප යේසුස්
පව්කරුවන්ගේ මිතුරයි
වියළි බිමේ මිරිදිය වන්නේ
ප‍්‍රේමේ අරුණාලෝකය වේ
ඕ යේසුස් පසසන්නෙමි ඔබෙ නාමේ 
ඕ යේසුස් පසසන්නෙමි ඔබෙ නාමේ 


යේසුස් මාගේ මහීමයයි
හිස ඔසවන්නා ඔබයි
මගේ උතුම්වු වෛද්‍ය යේසුස්
ගිලියද්හී තෛලයයි
මා ජීවය අයිති ඔබටයි
හිමි ඔබ මා ගීතයයි සවියයි
ඕ යේසුස් පසසන්නෙමි ඔබෙ නාමේ 
ඕ යේසුස් පසසන්නෙමි ඔබෙ නාමේ 

 

Read 701 times