+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
යේසුස් මා උදෙසා දිවි පිදු බව දනිමි
VERSE 1:
යේසුස් මා උදෙසා
දිවි පිදු බව දනිමි
ලොවෙහි සියල්ලන්ගේ
පාපය එතුමන් දැරුවේ
අපේ අපරාධ නිසයි
තුවාල ලබා දුක් වින්දේ
යේසුස් ක්‍රිස්තුස් සියල්ලන්ගේ ස්වාමීන්
CHORUS:
දිවි ගෙවනෙමි මා දමිටුකම ලබා
යේසුස්ගේ ඇදහිල්ලෙන්
ප්‍රේමෙන් පිරුණු නෙතින් ඉහළින්
අප දෙස බලනුයේ පියාණන්
එනමුත් හිමි දකින්නේ ඔබ හා මා දෙස
යේසුස්ගේ ධර්මිෂ්ඨකමෙන්
මිදුනෙමි මා දමිටුකම ලබා
යේසුස්ගේ ඇදහිල්ලෙන්
VERSE 2:
මරණින් හා පාතාලෙන්
යේසුස් ජය ලැබු බව දනිමි
සිරගෙයි සිටි ආත්මයන්ට
නිදහස ගෙන දුන්නේ
සොහොන් බිම් විවර කළේ
පළමු නැවත නැගිටීමෙදී
යේසුස් අපෙ ස්වාමින්
එතුමාණන් බලවන්තයි


