+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සමිඳුනී ඔබ මා ළඟමයි


VERSE 1:

සමිඳුනී ඔබ මා ළඟමයි
මෙදිනත් මා තුළයි මා දනිමී

ඇදහිල්ලෙන් ඔබ වෙත එමී
පවසන්නෙමි මා දැන්

යේසුනී මා ආදරෙයි

ඇදහිල්ලේ වදන් පවසා 
ජයගන්නෙමි සැමදා

ඔබෙ අනුග‍්‍රහයෙන් මා 
මුළු හදින් පවසා


CHORUS:
ගයන්නෙමී - පසසන්නෙමී
අඳුරු වේලාවෙදි වූවත්
පීඩා කාලයේ වූවත්
ගයන්නෙමී - පසසන්නෙමී
ගෞරවයෙන් දෑත් ඔසවා
ඔබෙ වචනය සත්‍යය නිසා 
ගයන්නෙමී


VERSE 2:
සමිඳුනි ඔබෙ වචනයේ දකිමී
මා වෙනුවෙන් ඇති
ඔබගේ සැලසුම් අදහස්

මගේ විශ්වාසය ඔබ තුළයි
දනිමී මා උදෙසා මැරී නිදහස් කළේ

ඇදහිල්ලේ වදන් පවසා
ජයගන්නෙමි සැමදා

ඔබෙ අනුග‍්‍රහයෙන් මා
මුළු හදින් පවසා

 

Read 254 times