+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යේසුස් හිමි පාවා දුන් ඒ රාත‍්‍රියේ


VERSE 1:

යේසුස් හිමි පාවා දුන් ඒ රාත‍්‍රියේ
ස්තුති දෙමින් රොටිය කඩා
හිමි යාච්ඤා කළේ

මෙය ඔබ වෙනුවෙන් දුන් මගේ
ශරීරයයි හිමි පැවසුවේ

මෙයින් මගේ මරණය පෙන්වන් මා
නැවත එන තුරා


CHORUS 1:
මෙම රොටිය ගන් එය මගේ ශරීරයයි
ඔබේ දිවි මුදවන්නයි එය කැඩුනේ
ඔබ අනුභව කරන සැම වෙලේ
එය සැමරීමක් වන්නේ
මා වෙනුවෙන් මා සිහි කරමින්

VERSE 2:
රොටිය හා කුසලානය ගන්න පෙරටුවෙන්
එක් එක් අය තම හදවත් සලකා බලමින්
කෙනෙකු නුසුදුසු වූ අයුරින්
එය පානය කළහොත්

ඔහු තමාම දොස් පවරා ගෙන අසු වෙයි

CHORUS 2:
මෙම කුසලානය ගන්
එය මාගේ අනගි ලෙයයි

ඔබෙ දිවි මුදවන්නයි එය වැගිරුවේ
ඔබ පානය කරන සැම වෙලේ
එය සැමරීමක් වන්නේ
මා වෙනුවෙන් මා සිහි කරමින්

 

Read 226 times