+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

පොළොවේ සීමාවේ මැවුම්කරුන් (එල්ෂැඩායි එල්ෂැඩායි)


CHORUS:

එල්ෂැඩායි එල්ෂැඩායි
සවිබල දෙවිඳුන් ඔබමයි

එල්ෂැඩායි එල්ෂැඩායි
කිසි හිඟයක් නොමැතිව

අපහට සපයන සව්බල දෙවිඳු ඔබයි

VERSE 1:
පොළොවේ සීමාවේ
මැවුම්කරුන් ඔබමයි - ඔබමයි

සදාකාලයේ දිවි ගෙවනා දෙවිඳුන්
ඔබමයි

වෙහෙස නොවන්නාවූ
ක්ලාන්ත නොවන්නාවූ

සව්බල දෙවිඳු ඔබයි
අපගේ දිවියට සවි ශක්තිය දෙන
දමිටු වු දෙවිඳු ඔබයි

VERSE 2:
දෙව් වදනින්
විශ්වය උසුලන්නේ ඔබයි - ඔබමයි

පෘතුවිය මතු පිට
වැඩ වසනා දෙවිඳුන් ඔබමයි

වෙනස් නොවන්නාවූ
බොරු නොකියන්නාවූ

සව්බල දෙවිඳු ඔබයි
අපගේ ආත්මෙට සහනය ගෙන දුන්
යේසුස් සමිඳු ඔබයි

VERSE 3:
මහා සාගරයේ
මග සාදන්නේ ඔබයි - ඔබමයි

කාන්තාරයේ
රුක් සිටුවා උයනක් කළේ ඔබමයි

ප‍්‍රඥාවෙන් දැන ගැන්මෙන් පූර්ණවූ
සව්බල දෙවිඳු ඔබයි
අපගේ මනසට ශාන්තිය ගෙන දුන්
සාමයේ කුමරු ඔබයි

VERSE 4:
කඳු මුදුන් වලින්
ගංඟා මැව්වේ ඔබයි - ඔබමයි

වියළි දේශයේ උල්පත් විවර කළේ
ඔබමයි

ප්‍රේමෙන් පූර්ණවූ - මහිමෙන් පූර්ණවූ
සව්බල දෙවිඳු ඔබයි

 

Read 237 times