+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
මා ඔබ ගැන සිතනා මාගේ සිතුවිලි
VERSE 1:
මා ඔබ ගැන සිතනා මාගේ සිතුවිලි
ඔබේ යහපත උදෙසයි
මගේ අරමුණු චේතනා සැම යෝජනාවන්
ඔබේ ප‍්‍රයෝජනය උදෙසයි
ඒවා මතු කාලයේදී ඔබේ සැම පැතුමන්
සඵලවත් කරන පිණිසයි
එබැවින් මෙදින මා ඔබහට පවසන්නේ
ඇදහිල්ලෙන් ස්තුති දෙන්නයි
CHORUS 1:
ශාලෝම් දෙවිඳු මමයි
ශාලෝම් දෙවිඳු මමයි
ශාලෝම් දෙවිඳු මමයි
ඔබේ ශාලෝම් දෙවිඳු මමයි
VERSE 2:
සමිඳේ මා ගැන ඔබගේ සිතුවිලි
මගේ යහපත උදෙසයි
ඔබෙ අරමුණු චේතනා සැම යොජනාවන්
මගෙ ප‍්‍රයෝජනය උදෙසයි
ඒවා මතු කාලයේදී මගේ සැම පැතුමන්
සඵලවත් කරන්නේ ඔබයි
එබැවින් මෙදින මා ඔබ වෙත එන්නේ
ඇදහිල්ලෙන් ස්තුති දෙන්නයි
CHORUS 2:
ශාලෝම් දෙවිඳු ඔබයි
ශාලෝම් දෙවිඳු මමයි
ශාලෝම් දෙවිඳු ඔබයි
මගෙ ශාලෝම් දෙවිඳු ඔබයි


