+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ක්‍රිස්තුස්ගේ ප්‍රේමයෙන් කිසිවක්
ක්‍රිස්තුස්ගේ ප්‍රේමයෙන්
කිසිවක් මා වෙන් නොකරයි
පියාණන්ගේ හස්තයෙන්
කිසිවෙකු මා උදුරා නොගනියි
කිසි දෙයක් මා මග නොවලක්වයි
ඇදහිල්ලෙන් යන විට සැමදා
සමිඳුන් මට දුන් මේ ප‍්‍රීතිය
කිසි කෙනෙකුට ගන්නට බෑ
මා අතිශයින් ජයග‍්‍රාහිකයි
උතුම්වූ හිමි මා තුළයි
දෙවිඳුගේ බලය මගේ හදෙහි ඇතේ
ශුද්ධාත්මෙන් මා මුද්‍රා කළේ
හිමි කළ සැමදේ හඬ නගා ගයම්
මගේ ප‍්‍රාණය නිරයෙන් මිදුුවේ
දෙවිඳුගේ බලය මගේ හදෙහි ඇතේ
දැන් මගේ දිවි වෙනස් වුනේ
ක්‍රිස්තුස් තුළ නව මැවිල්ලකී මා
ක්‍රිස්තුස් තුළ නව මැවිල්ලකී මා
අගනා මිලයකින් මා මුදා
සදාකල් ජීවනය දුන්නේ
මෙය සඟවන්නට බැරි රහසකී
හිමි සමග හිඳගන්නට
මා ඔසවා ඇතේ
සමාදානයෙන් ප‍්‍රීතියෙන්
මා ජීවත්වන්නටයි
දැන් දෙවිඳු මගේ පියාණන්
යේසුස් මගේ සොහොයුරාණන්
ශුද්ධ ආත්මයාණන්
මගෙ සැනසිලිකරුතුමන්
ශුද්ධ ආත්මයාණන්
මගෙ සැනසිලිකරුතුමන්


