+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

Believers' Fellowship

Believers' Fellowship

දැන් ගණිකාවක් හැටියට සිටියාවූ රාහාබ්, අලුත් ගිවිසුමෙහිත් ඇගේ නම සඳහන් කර තිබෙනවා ඇදහිල්ලේ කාන්තාවක් හැටියට. 

ආබ‍්‍රහම් එක්කම තමයි ඇගේ නමත් සඳහන් වෙන්නේ. 

දැන් ඈට ඇදහිල්ල නිකං වචනයෙන් තිබුණා පමණක් නෙමෙයි ඇගේ ක‍්‍රියාවන් වලින් ඒ ඇදහිල්ල ඔප්පු වුණා.

මෙම දේවල් අපට ලබා දෙන්නේ දෙවියන්වහන්සේගේ දිව්‍යමය බලයයි. 

කෙසේද? දෙවියන්වහන්සේගේ දැනගැන්ම කරණකොටගෙනය. 

මේ දේවල් පැමිණෙනුයේ දැනගැනීමෙන්, විශ්වාස කිරීමෙන්, සහ මෙම පොරොන්දු මත ක‍්‍රියා කිරීමෙනි, එවිට ඔබ දෙවියන්වහන්සේගේ දිව්‍යමය සැපයුමට පංගුකාරයන් වන්නහුය.

දෙවියන්වහන්සේ පවසන්නේ, මාගේ සෙනඟ දැනගැන්ම නැතිකමෙන් නාස්තිවී සිටිති: ඔබ දැනගැන්ම එපා කළ නිසා මට පූජකකම් කිරීමෙන් මමත් ඔබ එපා කරන්නෙමි: හොෂෙයා 4:6. 

මෙම පදයේ, විනාශයට මූලිකවූ හේතුව දෙවියන්වහන්සේ එළිදරව් කරනසේක: මාගේ සෙනඟ දැනගැන්ම නැතිකමින් නාස්ති වී සිටිති.