+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

Believers' Fellowship

Believers' Fellowship

මේ වසර බොහෝ අභියෝග රැසකින් පිරුණු  වසරක් වෙන්ට යන්නේය.

අභියෝගයක් ගැන සිතන විට අප සැමවිට සිතෙන්නේ, "අනේ දෙවියනේ නැවත වාරයක් තවත් අභියෝගයක්" කියාය. ඒකට හේතුව ඔබ  පරාජිත මානසිකත්වයෙන් සිටීමයි; ජයග‍්‍රාහික මානසිකත්වයෙන් නොසිටීමයි.

දැන් එක් නිවසක් කඩා වැටෙන්ටත් අනෙක් නිවස ශක්තිමත්ව සිටින්ටත් නැතහොත් එක් මනුෂ්‍යයෙකු විනාශවෙන්නටත්, ජලගැල්ම ඔහුට පමණක් විනාශකාරී වන්නටත් හේතු වූයේ කුමක්ද කියා අපි බලමු. 

දෙදෙනාගේම ජීවිතවලට පැමිණියේ එකම ජලගැල්ම, එකම කුණාටුව, සහ එකම සැඩපහරකි.