+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

Believers' Fellowship

Believers' Fellowship

දෙවියන්වහන්සේගේ වචනය පවසන්නේ, ස්වාමීන්වහන්සේ ඔබට සදාකාල ප්‍රේමයකින් ප්‍රේමකරන බවයි. උන්වහන්සේ ඔබව තමන්වහන්සේ වෙතට ඇදගෙන තිබෙන්නේ දයාබරකමින්ය. යෙරෙමියා 31:3

උන්වහන්සේ ඔබට බොහෝසේ ප්‍රේම කරන නිසා, කිසි කැලලක්වත් පලුද්දක්වත් නැති බැටළුපැටවෙකුගේ ලේ වැනිවූ ක්‍රිස්තුස්වහන්සේගේ අනර්ඝ ලේ  කරණකොටගෙන ඔබව මිල දී ගෙන ඇත. මක්නිසාද ඔබව කුණු නොවෙන්නාවූ බීජවලින්, දෙවියන්වහන්සේගේ ජීවමානවූ පවතින්නාවූ වචනයෙන් නැවත උත්පාදනය කරනු ලැබූසේක.

ඔබ පීඩාවෙන්, සිත් රිදීමෙන් හෝ වේදනාවෙන් සිටින්නේ නම්, ස්වාමීන්වහන්සේ ඔබට සැනසිල්ලේ වචන කතා කරනසේක.

උන්වහන්සේ නිතරම බලවත් වන අතර, කරදර කාලවලදීත්, සැනසිල්ල අවශ්‍ය වූ විටදීත් ඔබට දේව වචනය වෙත හැරිය හැකිය. 

යේසුස්වහන්සේ නැගිට සුළඟට තරවටුකොට: “නිශ්ශබ්දවෙව, නිශ්චලවෙව” යි මුහුදට කීසේක. එවිට සුළඟ නැවතී, මහත් නිශ්චලයක් විය. මාර්ක් 4:39 

ඔබ කොතැනක සිටියත් ඔබ මොනම දෙයක් තුළින් ගමන් කළත්, දෙවියන්වහන්සේ ඔබ සමඟ සිටියි.