+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ආත්මය තුළ ගමන් කිරීමට
ඔබේ මනස අලුත් කරගන්න - මනූ මැතානි

August 21, 2022 Sunday Sermon Notes


ගැළවීම ලබා ගත් පසු අපි අලුත් මනුෂ්‍යයෙකු බවට පත්වනු ඇත. දැන් ඔබ දේව කැමැත්ත තුළට ඇතුල්විය.

ගැළවීම ලබා ගත් පසු අපි නිතරම මේ වචනය තුළ පැවතිය යුතුයි.

දෙවියන්වහන්සේ අපි හැමෝටම නිදහස් කැමැත්තක් දී තිබේ.

අපගේ මනස අප වෙනස් කළ යුතුය. රෝම 12:2

ගැළවීම ලබා ගත් පසු අලුත් වන්නේ අපගේ අභ්‍යන්තර මනුෂ්‍යයාය.

දෙවියන්වහන්සේ බලහත්කාරයෙන් ඔබගේ ජීවිත තුළ කිසිවක් කරන්නේ නැත.

දේව වචනය කියවීමෙන් අපගේ මනස අලුත් වනු ඇත.

රෝම 8:5 මක්නිසාද මාංසිකලෙස සිටින්නෝ මාංසික දේවලටද ආත්මිකලෙස සිටින්නෝ ආත්මික දේවලටද ඇලුම්වෙති.

අපි මාංශාකාරව ගමන් කළොත් අපට ආත්මික දේවල් වටහා ගැනීමට නොහැකි වෙනවා සේම, දෙවියන්වහන්සේ අපට දී ඇති දේවල් භුක්තිවිදීමටද නොහැකිවේ.

ආත්මයෙන් ගමන් කරනවිට අප දෙවියන්වහන්සේ හා සම්භන්ධවී සිටී.

යෙරෙමියා 32:27 බලව, මම මාංසමයවූ සියල්ලන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමීන්වහන්සේය. මට කරන්ට අමාරුවූ කිසි දෙයක් ඇද්ද?

දෙවියන්වහන්සේ ආත්මයයි. උන්වහන්සේ මේ පොළොවට මාංශාකාරයෙන් පැමිණියේය. නමුත් උන්වහන්සේ ගමන් කරේ ආත්මයෙන්ය.

යේසුස්වහන්සේ ආත්මයෙන් ගමන් කළ නිසා මාංශාකාර දේවල් ජයගත්සේක.

ඔබ යේසුස්වහන්සේ පිළිගත් පසු වචනය ඔබ තුළ තිබෙන නිසාම ඔබටත් මනුෂ්‍යයන් පීඩා කරයි.

සමහර විට ඔබව සමාජයෙන් පවා ඒ අය කොන් කරයි. ඔබ ශුද්ධ දේව දරුවෙකු නිසා ඔබට අනිවාර්යයෙන්ම පීඩා පැමිණෙයි.

ඒදන් උයනේ දෙවියන්වහන්සේ ආදම් සහ ඒවව සෑදුවේ ආත්මික ගමනකටය. නමුත් යක්ෂයා ඒවව මාංසයේ තලයට ගෙනාවයින් පසුවයි පහර ගැසුවේ.

එපීස 2:6 ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ස්වර්ගීයවූ ස්ථානවල උන්වහන්සේ සමඟ අප හිඳවූසේක.

දෙවියන්වහන්සේ අපව ඔසවා තිබෙනවා.

කැඳවාගත් අපට උන්වහන්සේ පවසන්නේ අපි උන්වහන්සේගේ දරුවන් බව.

දේවදූතයන්ට දෙවියන්වහන්සේ කවදාවත් පුත‍්‍රයන් කියා අමතා නැත. නමුත් දෙවියන්වහන්සේ පිලිගත්තාවු අයව උන්වහන්සේ දේව දරුවෙක් ලෙස හදුන්වයි

2 කොරින්ති 5:18 සියල්ල පැමිණෙන්නේ දෙවියන්වහන්සේගෙන්ය; උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන තමන්වහන්සේට අප සමඟිකරගන, සමඟිකිරීමේ සේවය අපට දුන්සේක.

උන්වහන්සේ අපට සමගි කිරීමේ සේවය භාර දී තිබෙනවා. මනුෂ්‍යයන්ව දෙවියන්වහන්සේ වෙතට ගෙන එන පිණිස.

ලෝකයා අප දෙස බලා සිටින නිසා අප සාක්ෂිකරුවන් ලෙස ජීවත් විය යුතුයි.

අපි උන්වහන්සේ පිළිගත් නිසා නිවසට උන්වහන්සේ පැම්ණියේ කඩුවක් හා සමානවයි.

කොලොස්සි 1:13 පියාණන්වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා, තමන් ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවාගත්සේක.

අපගේ උපත තුළින් අපි පව්කාරයන් ලෙස මෙලොවට පැමිණියේ.

අපි ලබාගත් විශාලම දේ ගැළවීම ලබා ගැනීමයි.

අපි යක්ෂයාගේ ක්‍රියාවන් වලට යටවී සිටියෙමු.

ලූක් 12:8-9 තවද යමෙක් මනුෂ්‍යයන් ඉදිරියේදී මා පිළිගන්නේ ද, මනුෂ්‍ය පුත්‍රයාත් දෙවියන්වහන්සේගේ දූතයන් ඉදිරියේදී ඔහු පිළිගන්නේය. නුමුත් මනුෂ්‍යයන් ඉදිරියේදී මා එපාකළ තැනැත්තේ දෙවියන්වහන්සේගේ දූතයන් ඉදිරියේදී එපාකරනු ලබන්නේයයි නුඹලාට කියමි.

ලූක් 12:49 පොළොව මතුයෙහි ගිනිලන්ට ආවෙමි; එය දැනටම ඇවිළ තිබේ නම් මම කොපමණ කැමතිවෙම්ද?

ලූක් 12:49‭-‬50 පොළොව මතුයෙහි ගිනිලන්ට ආවෙමි; එය දැනටම ඇවිළ තිබේ නම් මම කොපමණ කැමතිවෙම්ද? නුමුත් මට බව්තීස්මයක් ලබන්ට තිබේ; ඒක ඉෂ්ටවෙන තුරු කොපමණ ගාවිනාවෙන් යුක්තවෙම්ද?

ලූක් 12:51 පොළොවට සමාදානය දෙන පිණිස මම ආවෙමියි නුඹලා සිතවුද? එසේ නොව, භේද උපදවන පිණිසයයි නුඹලාට කියමි.

යේසුස් වහන්සේගේ කීම් පිලිගැනීමට අකමැතිවූ මනුෂ්‍යයන් උන්වහසේව අත්හැර යන ලදි.

යොහන් 6:1-71

යොහන් 6:63 ජීවනයේ වචන තිබෙන්නේ යේසුස්වහන්සේ් තුළ පමණයි.

යේසුස්වහන්සේ කුරුසපත් වීමෙන් අපව නිරයෙන් මුදවා ගත්තා.

යේසුස්වහන්සේ සභාවේ හිසයි අපි ශරීරයයි.

පාවුල් සාවුල් ලෙස සිටි කාලයේ දැන උගත්ව සිටියත් ඔහු සිටියේ සියල්ල පටලවගෙනය.

ඔහු කිතුණුවන්ට පීඩා කරන ලදි. ස්තේපන්ගේ මරණය සිදුවුයේද ඔහුගේ නායකත්වයෙනි.

සාවුල් පීඩා කලේ කිතුණු අනුගාමිකයින්ටය. නමුත් යේසුස්වහන්සේ ඇසුවේ නුඔ මට පීඩා කරන්නේ මන්ද? කියාය.

ක්‍රියා 9:3-5

3 තවද ඔහු ගමන්කොට දමස්කයට ළංවූ කල, හදිසියෙන් අහසින් ආලෝකයක් ඔහු අවට බැබළුණේය.
4 ඔහු බිම වැටුණේය, එවිට: සාවුල්, සාවුල්, නුඹ මට පීඩාකරන්නේ මක්නිසාදැයි තමාට කියන හඬක් ඔහුට ඇසුණේය. ස්වාමිනි, ඔබ කවුදැයි ඔහු ඇසීය.
5 උන්වහන්සේද: මම වනාහි නුඹ පීඩාකරන යේසුස්ය.

උන්වහන්සේ සභාවේ මනාලයා අපි මනාලියයි.

මනුෂ්‍යයන් ඔබට පීඩා කළත් දෙවියන්වහන්සේගේ මහිමය ඔබ තුළ කි‍්‍රයා කිරීමට පටන් ගනී.

ලූක් 12:52 මක්නිසාද මෙවක් පටන් එක ගෙයක සිටින පස්දෙනෙකුගෙන් දෙදෙනෙකුට විරුද්ධව තුන්දෙනෙක්ද තුන්දෙනෙකුට විරුද්ධව දෙදෙනෙක්ද භේදව සිටින්නෝය.

නිවසක් තුළ සියල්ලන්ම දෙවියන්වහන්සේව පිළිගන්නේ නැත. පිළිගත් මනුෂ්‍යයා තුළ උතුම් ආත්මයක් ඇත. ඔහු නව මැවිල්ලකි.

දානියෙල් තුළ තිබුණේ උතුම් ආත්මයක්ය. දානියෙල් නිර්භීත අවංක මනුෂ්‍යයෙකුව සිටියේය.

ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ ඔබ ගමන් කරන විට මනුෂ්‍යයා ඔබව එපා කරයි, නින්දා පීඩා කරයි. එහෙත් ඔබ නොසැලී සිටින්න.

රෝම 8:4-5 එසේ කළේ මාංසික ලෙස නොව ආත්මිකලෙස හැසිරෙන්නාවූ අප තුළ ව්‍යවස්ථාවේ නියෝගය සම්පූර්ණවෙන පිණිසය. මක්නිසාද මාංසිකලෙස සිටින්නෝ මාංසික දේවලටද ආත්මිකලෙස සිටින්නෝ ආත්මික දේවලටද ඇලුම්වෙති.

ආත්මීක ලෙස ජීවත්වනවා යනු දෙවියන්වහන්සේ වචනයේ ලියා තිබෙන ලෙස කිරීමය.

ඔබ ආත්මයෙන් ගමන් කරන්නාවු මනුෂ්‍යයෙකු වන්න. එය ඉතා අලංකාරයි. ආත්මයෙන් ගමන් කරන්නා කිසිකලෙක පරාජය වන්නේ නැත.

අප ආත්මයෙන් ගමන් කිරීම පුරුද්දක් කර ගනිමු.


Watch the Sermon Video

Read 323 times