+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබේ හැඟීම් අනුව ජීවත් වීම ඔබව අසාර්ථකභාවයට පත් කරයි - මනූ මැතානි
August 28, 2022 Sunday Sermon Notes


අපි ආබ‍්‍රහම් මෙන් ඇදහිල්ලෙන් තීරණ ගනිමු, තොමස්ගේ සැක සහිත සිතුවිලි අනුව නොවෙයි අපි තීරණ ගත යුතු වන්නේ.

උත්පත්ති 22:12 ආබ්‍රහම්ට දෙවියන්වහන්සේ පැවසුවේ, "ඔබ දැන් මට භයවෙන බව දනිමි" යි කීයේය.

අපි දැන් ගන්න තීරණ කවදාවත් වෙනස් නොකළ යුතුයි.

දෙවියන්වහන්සේ ආබ‍්‍රහම් දෙස බලමින් සිටියේය.

ඔහු කන්ද නගින තුරු, පිහිය අතට ගන්න තුරු, උන්වහන්සේ ආබ‍්‍රහම් දෙස බලා සිටියේය.

ආබ‍්‍රහම් තමාගේ තීරණය වෙනස් කරයිද නැතහොත් ස්වාමීන්වහන්සේගේ හඬ අසා කීකරු වෙයිද කියා දෙවියන්වහන්සේ ඔහු දෙස බලා සිටියා.

ඒ නිසයි අපි දැන් ඇදහිල්ලෙන් කි‍්‍රයා කළ යුතු වන්නේ, ඇදහිල්ලෙන් දැන් තීරණ ගත යුතු වන්නේ.

සමහර විට අපගේ හැඟීම් නිසා අපි තීරණ වෙනස් කර ගන්නවා.

ආබ‍්‍රහම් දෙවියන්වහන්සේගේ පොරොන්දු ගැන සිතුවේ මේ ආකාරවයි:

රෝම 4:19-20 ඔහු (අවුරුදු සියයක් පමණ වයස්ගතව සිටියදී,) ඇදහිල්ලෙන් දුර්වල නොවී, තමාගේම ශරීරය මළ බව හා සාරාගේ කුසය මළ බවත් සිතා ඇදහිලි නැතිකම කරණකොටගෙන චංචල නොවී, එසේය, දෙවියන්වහන්සේගේ පොරොන්දුව දෙස බලා ඇදහිල්ලෙන් බලවත්ව, දෙවියන්වහන්සේට ගෞරවකරමින්.....

අපි වචනය අසමින් පියවරෙන් පියවරට ගමන් කළ යුතුයි. අපි නොසැලී, හැඟීම් බරින් ජීවත්වන්නේ නැතිව දිනෙන් දින වර්ධනය කරගනිමු.

අපි සිතින් දුර්වල නොවී හරි තීරණ ගනිමු.  අපගේ හැඟීම් අපි පාලනය කරගනිමු.

අපි පියවරෙන් පියවරවල් ගැනීමෙන් ඇදහිල්ලෙන් දුර්වල වන්නේ නැත, හැඟීම් අනුව කි‍්‍රයා කරන්නේ නැත.

දෙවියන්වහන්සේ අපව කැඳවා ඇත්තේ හැඟීම් අනුව ජීවත්වන්නට නොවේ ආත්මිකව ගමන් කරන්නටයි.

හැඟීම් අනුව ජීවත් වන අය පැකිලීමට ලක් වුවහොත් ඔවුන්ගේ ඇදහිල්ලේ ගමන ඔවුන් නවත්වා දමති.

ඔබ සිතින් දුර්වල නොවන්න.

ස්වාමීන්වහන්සේගේ උපකාරය ඇතුව අපි අපගේ හැඟීම් පාලනය කරගනිමු.

අපි අනෙකුත් ඇදහිලිවන්තයන් සමඟ සහභාගිකම් පවත්වමු.
අපට සහභාගිකම් පැවැත්වීමෙන් තව කෙනෙකුව ශක්තිමත් කළ හැකියි.

ඇදහිලිවන්තයන් සිටින ස්ථානයේ තිබෙන්නේ ආලෝකයයි. නෙඇදහිලිවන්තයන් සිටින ස්ථානයේ තිබෙන්නේ අන්ධකාරයයි.

1 යොහන් 2:8 නැවතත් අලුත් ආඥාවක් නුඹලාට ලියා එවමි, එය උන්වහන්සේ තුළද නුඹලා තුළද සැබෑය; මක්නිසාද අන්ධකාරය පහවේගන යයි, සැබෑවූ ආලෝකය දැනටම බබළයි.
9 ආලෝකයෙහි පවතිමියි කියමින් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා මේතාක් අඳුරෙහි සිටියි.
10 තමාගේ සහෝදරයාට ප්‍රේමවෙන්නා ආලෝකයෙහි පවතියි, පැකිලීමට කාරණයක්ද ඔහු තුළ නැත.

ඔබ තුළ සහෝදරයන් කෙරෙහි ප්‍රේමය තිබිය යුතුයි.

අපි දෙවියන්වහන්සේ දෙස බලමින් මේ දිවීම දුවමු.

1 යොහන් 2:11 නුමුත් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා අන්ධකාරයෙහි සිටියි, අන්ධකාරයෙහි හැසිරෙයි, අන්ධකාරය ඔහුගේ ඇස් අන්ධකළ නිසා තමා කොතැනට යන්නේදැයි ඔහු නොදනියි.

අපි අන්ධකාරයේ ජීවත් වී සිටියහොත් අවසානයේදී අපව වියවුල්භාවයට ඇතුල් විය හැකියි.

එසේම අපි කිසි කෙනෙකු සමඟ වෛරයක් ඇති නොකර ප්‍රේමයෙන් ජීවත්වන්නට තීරණ කර ගනිමු.

හෙබ්‍රෙව් 12:14‭ සියල්ලන් සමඟ සමාදානයෙන් සිටින්ටත්, ශුද්ධකම නැතුව කිසිවෙක් ස්වාමීන්වහන්සේ නොදක්නා බැවින් ශුද්ධකම අනුව යන්ටත් උත්සාහකරන්න.

හෙබ්‍රෙව් 12:15
කිසිවෙක් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් පසුබට නොවන පිණිසද, තික්තකමේ මුලක් හටගෙන එයින් නුඹලා කලඹා බොහෝ දෙනෙක් කිලුටු නොවන පිණිසද,

අපි කැමැත්තෙන්ම එකිනෙකා සමග සහභාගිකම් පවත්වමු.

තික්තකම්, වෛර බැඳ ගෙන ජීවත් වන්න එපා.
හදවත තුළ තික්තකම් තිබීමෙන් ඔබ වියවුල් ජීවිතයකට ඇතුල්විය හැකියි.

දෙවියන්වහන්සේ අපට හික්මවීමේ මනසක් දී තිබෙනවා.

ඔබට ක්‍රිස්තුස්වහන්සේගේ මනසක් දී තිබෙනවා.
ඔබගේ ශරීරය දේව මාළිගාවයි.

ඔබගේ ආත්මය තුළ ස්වාමීන්වහන්සේ වැඩවසන නිසා ඔබගේ ඇතුලාන්තර මනුෂ්‍යයාව කිසිකෙනෙකුට අත ගැසිය නොහැකියි.

ඔබ දෙවියන්වහන්සේ සමඟ යටහත් පහත්ව ජීවත් වන්න.

අපට පාපයෙන් ජයගැනීමට අනුග‍්‍රහය බලය දෙනසේක.

ඔබට පාපයෙන් ජයගන්නට අනුග්‍රහයේ බලය දී තිබෙනවා.

භය වචන කතා කරන්න එපා.

භිය ගැන එකිනෙකා සමග සාකච්ඡා නොකරන්න

භයින් ජීවත් වෙන්න එපා.

යෝබ් 3:25
යෝබ් පැවසුවේ, "මක්නිසාද මා භයවන දේ මට මා භයපත්කරන දේ මට සිද්ධ වෙන්නේය.

හෙබ්‍රෙව් 12:15 කිසිවෙක් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් පසුබට නොවන පිණිසද, තික්තකමේ මුලක් හටගෙන එයින් නුඹලා කලඹා බොහෝ දෙනෙක් කිලුටු නොවන පිණිසද,

දේව භය ඔබට අනුග්‍රහය දී තිබෙනවා. දේව අනුග්‍රහය ඔබට සියල්ල දී තිබේ.

දේව අනුග්‍රහය ඔබගේ ශක්තියයි.
හැඟීම් බරව ජීවත්වීම නවත්වා අපි ආත්මයෙන් ගමන් කරමු.

ඔබ තික්තකමේ මුලක් හටගන්නට ඉඩ නොදෙන්න.

සහෝදරයන් අතර භේද ඇති නොකර අපි සමාදානය ඇති කරගනිමු.

දේව වචනය ප්‍රතික්ෂේප කරන අයගෙන් ඔබ වෙන් වෙන්න.

ඔබ දුර්වලව සිටින විට, ශක්තිමත් පුද්ගලයන් සමඟ සම්බන්ධ වෙන්න.

අපගේ පවුල් අපි ආරක්ෂා කරගනිමු. අපගේ පෞද්ගලික ජීවිත රැක බලා ගනිමු.

හිතෝපදේශ 4:23 සියල්ලටම වඩා ඔබගේ සිත ආරක්ෂා කරගන්න.

දුර්වලව සිටින්නන්ව අපි ශක්තිමත් කරමු.

1 තෙසලෝනික 5:12-13 තවද, සහෝදරයෙනි, නුඹලා අතරෙහි වෙහෙසගන්නාවූ, ස්වාමීන්වහන්සේ තුළ නුඹලා කෙරෙහි ප්‍රධානකම් කරන්නාවූ, නුඹලාට දැනමුතුකම් දෙන්නාවූ තැනැත්තන් දැනගෙන, ඔවුන්ගේ වැඩේ නිසා ප්‍රේමයෙන් ඔවුන් ඉතා උතුම් කොට සලකන ලෙස අපි නුඹලාගෙන් ඉල්ලමුව. තම තමුන් අතරේ සමාදානයෙන් සිටින්න.

1 තෙසලෝනික 5:13‭-‬14 ඔවුන්ගේ වැඩේ නිසා ප්‍රේමයෙන් ඔවුන් ඉතා උතුම් කොට සලකන ලෙස අපි නුඹලාගෙන් ඉල්ලමුව. තම තමුන් අතරේ සමාදානයෙන් සිටින්න. ඇරත්, සහෝදරයෙනි, අනියම්ලෙස හැසිරෙන්නන්ට දැනමුතුකම් දෙන මෙන්ද ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්යකරන මෙන්ද දුර්වලයන්ට ආධාරවන මෙන්ද සියල්ලන් ගැන ඉවසිලිවන්තව සිටින මෙන්ද අපි නුඹලාට අවවාදකරමුව.

අපි දේව ප්‍රේමයෙන් එකිනෙකාට ප්‍රේම කරමු. අන් අයගේ දුර්වලකම් දෙස පමණක් නොබලන්න.

දුර්වලකමෙන් සිටින්නන්ව අපි ශක්තිමත් කරමු. ඒ අයගේ වැරදි සොයන්නේ නැතිව, ඉවසීමෙන්, ප්‍රේමයෙන් කටයුතු කරමු. අපි සාක්ෂිකාරයන් ලෙස ජීවත් වෙමු.

රෝම 8:1 එහෙයින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරීමක් නැත.

අපි ජීවත් වන්නේ ක්‍රිස්තුස්වහන්සේ තුළ නිසා නිදහස්කම තුළ සිටිමු.

දුර්වලකම නිසා සමහර අය ඇදහිලලෙන් පවා ශක්තිමත් වන්නේ නැත.

රෝම 14:23 නුමුත් සැකකරමින් කන තැනැත්තා, ඇදහිල්ලෙන් යුක්තව නොකන බැවින්, වරදට පත්කරනු ලැබ සිටියි; ඇදහිල්ලෙන් නොවූ සියල්ල පාපයය.

ස්වාමීන්වහන්සේ ඔබව ධර්මිෂ්ඨ කර තිබෙනවා.

අපි පාපයේ හැඟීම් වලින් නොවෙයි ජීවත් වන්නේ, ඇදහිල්ලෙන් වූ ධර්මිෂ්ඨකමෙනි.

රෝම 8:2 මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස්කළාය.

යේසුස්වහන්සේ තුළ තිබුණ ජීවනය ඔබ තුළයි.

එපීස 2:6
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ස්වර්ගීයවූ ස්ථානවල උන්වහන්සේ සමඟ අප හිඳවූසේක.

ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශීර්වාදවලින් උන්වහන්සේ ඔබට ආශීර්වාද කර ඇත.

උසස්තැන්හි තිබෙන දේ සොයන්න, මේ පොළොවේ ඔබ දෙවියන්වහන්සේගේ තානාපතියෙකුය. ඔබ දේව රාජ්‍යය ගැන කතා කරන්න.

කොලොස්සි 3:1-2 ඉඳින් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ සමඟ නැගුටුවනලද්දහු නම් උසස් තැන්හි තිබෙන දේවල් සොයන්න. එහි ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ වැඩහිඳිනසේක.පොළොවේ තිබෙන දේ නොව උසස්තැන්හි තිබෙන දේම සලකන්න.

ඔබගේ ආත්මය ප‍්‍රාණය සහ ශරීරය උන්වහන්සේ ගළවා ඇත.

ක්‍රිස්තුස්වහන්සේව මළවුන්ගෙන් ඔසවා ගත් එම ආත්මය දැන් ඔබ තුළයි.

ඔබ ස්වර්ගීය ස්ථානවල සිටින බැවින් පවසන්න: “මේ ශරීරය දෙවියන්වහන්සේට අයිතියි, එය සුවයෙන් තබා තිබෙන නිසා ස්තූතියි.


Watch the Sermon Video

Read 340 times