+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඇදහිල්ලේ යාච්ඤාව - මනූ මැතානි
January 29,2023 Sunday Sermon Notes


බයිබලය කියවන කල අපගේ ආත්මික චරිතය ගොඩනගා ගන්නා ආකාරයත්, අපට ඇදහිල්ලෙන් ගමන් කල හැක්කේ කෙසේද කියාත් ඒ තුළින් පෙන්වා දෙයි.

දේව වචනයට කීකරුව ගමන් කිරීම අපට මහත් ආශීර්වාදයකි.

ඔබ ඇදහිල්ලෙන් ජීවත්වන්නට තෝරා ගතහොත් ඔබට කිසිවක් අපහසුවන්නේ නැත. දෙවියන්වහන්සේ ඔබ සමඟය.

මාර්ක් 9:23
යේසුස්වහන්සේ උත්තරදෙමින්: ඔබට පුළුවන් නම්! විශ්වාසකරන්නාට සියල්ල පුළුවනැයි කීසේක.

ඇදහිල්ල කොඩිවින බලයක් නොවේය. එයින් කෙනෙකුගේ සිතක් මාරු කිරීමට නොහැක.

ඇදහිල්ල ක‍්‍රියා කරනුයේ දෙවියන්වහන්සේගේ වචනයෙන් පමණි. ඇදහිල්ලෙන් ඔබගේ ජීවිතයේ යමක් සිදුවනු ඇත. ඇදහිල්ල ක්‍රියා කරන්නේ ඔබගේ සිත වෙනස් කරන පිණිසයි.

එහෙත් තව කෙනෙකුගේ සිතක් වෙනස් කිරීමක් නොව, ඇදහිල්ලේ යාච්ඤාවෙන් අපට තව කෙනෙකුගේ බලකොටු බිඳ හෙළා දමන්නට හැකිවේ.

අපට යේසුස්වහන්සේගේ බලයෙන් රෝග සුව කරන්නටත් පුලුවන් යක්ෂයන් දුරු කරන්නටත් පුලුවන් වන නමුත් අපට මනුෂ්‍යයන්ගේ සිත් වෙනස් කළ නොහැකියි.

කෙනෙකුගේ සිතක් වෙනස්විය හැක්කේ ඒ් කෙනා සුභාරංචිය අසා වෙනස් වීමෙනි. යේසුස්වහන්සේ ස්වාමීන් කියා ඔහුගේ සිතින් අදහා ඔහුගේ මුඛයෙන් පැවසීමෙනි.

රෝම 10:8
වාක්‍යය නුඹ ළඟය, නුඹේ මුඛයේද නුඹේ සිතේද තිබේය කියාය. එනම් අප විසින් ප්‍රකාශකරන ඇදහිල්ලේ වාක්‍යයය.

වචනය අසන්නාගේ ගැළවීම ඔහු අසලම තිබේ. එහෙත් කෙනෙකු ගැළවීම ලබා ගන්නේ තමාගේ හදවතින්ම යේසුස්වහන්සේ විශ්වාස කිරීමෙන් හා ප්‍රකාශ කිරීමෙන් පමණි.

රෝම 10:9
කුමක්හෙයින්ද යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි නුඹේ මුඛයෙන් ප්‍රකාශකරන්නෙහිනම්, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව සිතින් අදහන්නෙහි නම්, නුඹ ගළවනු ලබන්නෙහිය.

ගැළවීම ලැබූ අය තම හදවතින්ම යේසුස්වහන්සේ ස්වාමීන් බව පැවසුවේනම් ඒ අයගේ ඵල වලින් එය දැකිය හැකිය.

ගැළවීම ලැබූ කල ශුද්ධාත්මයාණන්වහන්සේ අප තුළට පැමිණ අපගේ ජීවිතයේ අභ්‍යන්තරයේ මහත් වෙනසක් ඇති කරයි.

යේසුස්වහන්සේ පිළිගත් පසු අපගේ ජීවිතයෙන්, ක‍්‍රියාවෙන්, හැසිරීමෙන් අන් අයට ඒ වෙනස අපි පෙන්වා දෙමු.

යේසුස්වහන්සේගේ නාමය කථා කිරීමේදී එන පීඩාවට ඔබ භය නොවන්න.

යේසුස්වහන්සේගේ මාගේ ගැළවුම්කරුය, සුවකරන්නාය කියා අන් අයට නොබියව ප‍්‍රකාශ කරන්න.

ඔබගේ ඇදහිල්ල තුළින් ඔබට බොහෝ දේවල් කළ හැකියි.

ඔබගේ ඇදහිල්ලෙන් ඔබ ජීවත් වන්න.

1 යොහන් 5:4
මක්නිසාද දෙවියන්වහන්සේගෙන් උපන් යමක් ඇද්ද එය ලෝකයෙන් ජයගන්නේය. ලෝකයෙන් ජයගෙන තිබෙන්නේ අපේ ඇදහිල්ලය.

ඔබගේ ඇදහිල්ලෙන් ඔබගේ නව උපත තුළ ඔබ ලෝකයාගෙන් ජයගන්නෙකුය.

දෙවියන්වහන්සේගෙන් උපත ලද ඔබ ජයග්‍රාහයෙකු ලෙස ලොවට හඳුන්වා දිය යුතුය.

ලෝකයා ඔබව පරාජය කරන්නට වෙර දරන දේ වලින් ඔබ ජයගත යුතුය.

යේසුස්වහන්සේ යක්ෂයාව මුලුමනින්ම පරාජය කළසේක.

ඔබ යක්ෂයාට භිය නොවන්න. ලෝකයේ සිටන තැනැත්තාට වඩා ඔබ තුළ සිටින තැනැන්වහන්සේ බලවන්තයි.

ඔබ දේව පුත්‍රයෙකුය. ඔබ දෙවියන්වහන්සේගේ දියණියක්ය. ඔබ දෙවියන්වහන්සේගේ ගිවිසුමක් තුළ සිටින කෙනෙකුය.

දුර්වල කෙනෙකු වන ඔබ බලවත් දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමකට පැමිණියේය. ඒ ගිවිසුමේ තැනැන්වහන්සේ ඔබ උදෙසා ඕනෑම වෙලාවක පෙනී සිටිනු ඇත.

යේසුස්වහන්සේ උන්වහන්සේගේ බලවත් උසස්තම නාමය දී තිබෙනවා.

උන්වහන්සේගේ නාමය හා ගිවිසුම තුළින් ඒ නාමය පාවිච්චි කර ඕනෑම වෙලාවක යේසුස්වහන්සේගේ නාමයෙන් ඔබට යක්ෂයාව දුරු කල හැකිය.

ඔබ යක්ෂයාට භිය විය යුතු නැත. ධර්මිෂ්ඨයන් සිංහයන් මෙන් එඩිරතව සිටී.

හිතෝපදේශ 28:1
කිසිවෙක් එළවාගෙන නොඑන නුමුත් දුෂ්ටයෝ පලායති; එහෙත් ධර්මිෂ්ඨයෝ සිංහයෙකු මෙන් නිර්භීතව සිටිති.

ඔබ දුර්වල යයි නොපැවසිය යුතුයි. දුර්වලයන්ට දෙවියන්වහන්සේ පවසන්නේ ඔබ ශක්තිමත්යැයි කියන්න කියාය.

යෝවෙල් 3:10
නුඹලාගේ හීවැල්වලින් කඩුද නුඹලාගේ දෑකැතිවලින් හෙල්ලද තළාගන්න. මම බලවන්තයෙක්මියි බෙලහීනයා කියාවා.

ඔබ කතා කරන වචන ඔබම විශ්වාස කළ යුතුයි.

යක්ෂයා ඔබගේ පසුපස නොව, යක්ෂයා ඔබෙන් දුරස්ව යා යුතුය.

යෙසායා 54:13‭-‬14
නුඹේ සියලුම දරුවෝද ස්වාමීන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝ වෙති; නුඹේ දරුවන්ගේ සමාදානයද මහත් වන්නේය. නුඹ ධර්මිෂ්ඨකමෙන් පිහිටුවනු ලබනවා ඇත. නුඹ බලාත්කාරයෙන් දුරුව භය නැතුව සිටින්නෙහිය; භීතියෙනුත් දුරව සිටිනවා ඇත, ඒක නුඹට ළං නොවන්නේය.

ඔබ බලවන්ත නිසා යක්ෂයා ඔබෙන් දුරස්ව සිටිනවා ඇත. ඔබට ළං වන්නේවත් නැත.
බොහෝ කිතුනු අය රෝම 3:23 හොඳට කට පාඩම් කර දැන සිටිනවා. මම පවිකාරයෙක් කියා. නමුත් ඊළඟ පදයද අපට අයිතියි.

රෝම 3:23‭
මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති.

24 වන පදය අපගේ ජයග‍්‍රහණයයි. එනම් "නොමිලේ ක‍්‍රිස්තුස්වහන්සේ අපව ධර්මිෂ්ඨ කරනු ලැබුවාය" යන්නය.

රෝම 3:24
එබැවින් ඔව්හු උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන මිදීම කරණකොටගෙන නොමිලයේ ධර්මිෂ්ඨකරනු ලබන්නෝ වෙති.

ස්වාමීන්වහන්සේ අපගෙන් කිසිවක් බලාපොරොත්තු නොවී උන්වහන්සේගේ මහත් ප්‍රේමය නිසා ස්වාමීන්වහන්සේ අපව පව්කාර හැඟීමෙන් පවා නිදහස් කර තිබෙනවා.

ස්වාමීන්වහන්සේ අනුව ගමන් කිරීමෙන් අපට ජයග‍්‍රහණය කරා ගමන් කළ හැකිය. මන්ද උන්වහන්සේ අපව අතීශයින් ජයගග්‍රාහයකයන් බවට පත්කර ඇත.

හෙබ්‍රෙව් 10:2‭-‬3
පුළුවන් නම්, නමස්කාරකරන්නන් වරක් පවිත්‍රකරනලදුව, පව් ගැන ඔවුන්ට තවත් හැඟීමක් නැති බැවින්, ඒ පූජා ඔප්පු කිරීම නවතින්නේ නැද්ද? නුමුත් ඒ යාගවලින් අවුරුදුපතා පව් ගැන සිහිකිරීමක් ඇත්තේය.

පරණ ගිවිසුම් කාලයේ පව් ගැන සිහිකිරීමක් තිබුණත් යේසුස්වහන්සේ තුළ අපට උන්වහන්සේ පව් ගැන හැඟීමක්වත් ඇති නොවන අයුරින් නිදහස් කර ඇත.

උන්වහන්සේ ඔබ ගැන හඳුන්වනු ලබන්නේ ඔබ ධර්මිෂ්ඨයෙක්, ඔබ ශුද්ධවන්තයෙක් ලෙසටය.

රෝම 5:6‭-‬9
මක්නිසාද අප දුර්වලව සිටියදීම නියම කාලයේදී ක්‍රිස්තුස්වහන්සේ අභක්තිකයන් උදෙසා මළසේක. ධර්මිෂ්ඨයෙකු උදෙසා යමෙකු මැරෙන්ට කැමතිවීම දුර්ලභය. සමහරවිට සත්පුරුෂයා උදෙසා මැරෙන්ට යමෙකු ධෛර්ය ඇතුව සිටින්ට පුළුවන. නුමුත් දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේගේ මරණය විඳීමෙන්ය. එබැවින් ඊටත් වඩා ක්‍රිස්තුස්වහන්සේගේ ලේ කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලැබූ අපි උන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ උදහසෙන් ගළවනු ලබන්නෙමුව.

ඔබ දැන් දුර්වල අභක්තිකයෙක් නොව, උන්වහන්සේගේ ලේ වලින් ඔබව ධර්මිෂ්ඨ කර ඇත.

ඔබට විශ්වාස කරන්නට පුළුවන්නම් විශ්වාස කරන්නාට සියල්ල පුළුවන.

උන්වහන්සේ අපට දී තිබෙන්නේ ස්වාමීන්වහන්සේගේ දිව්‍යමය ස්වභාවයයි.

2 පේතෘස් 1:3‭-‬4
මක්නිසාද තමන්වහන්සේගේ මහිමයෙන් හා ගුණවන්තකමෙන් අප කැඳවාගත් තැනන්වහන්සේ දැනගැනීම කරණකොටගෙන, උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේවභක්තියටත් අදාළවූ සියලු දේ අපට දී තිබේ. ඒ කරණකොටගෙන උන්වහන්සේ තමන් අනර්ඝවූ ඉතා උතුම්වූ පොරොන්දු අපට දී තිබේ; එසේ කළේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දූෂ්‍යකමෙන් නුඹලා ගැළවී, ඒ පොරොන්දු කරණකොටගෙන දේව ස්වභාවට පංගුකාරයන් වන පිණිසය.

අප පංගුකාරවී සිටින්නේ දේව ස්වභාවයටයි.

අප නව මැවිල්ලක්ය, අපගේ පරණ ස්වභාවය පහව ගොස් ඇත. දේව වචනය අසමින් අපගේ ඇදහිල්ල අපි වර්ධනය කරමින් සිටිමු.


Watch the Sermon Video

Read 251 times