+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ධර්මිෂ්ඨකමේ දරුවන් තුළ දේව භය ඇති කරමු - යෝෂා මනූ
June 5, 2022 Sunday Sermon Notes

 

අපි ප්‍රකාශයන් කරන්නේ උඩඟුකමෙන් නොව, ස්ථීරභාවයෙන් මන්ද උඩඟුකම ඉතා භයානකයි.

විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට පළමුයෙන් අහංකාර සිතද වෙයි. හිතෝපදේශ 16:18

දෙවියන්වහන්සේ ඉදිරියේ අපි යටහත් පහත් ජීවිත ගත කරමු.

දෙවියන්වහන්සේ කිරා බලන්නේ අපගේ ආත්මයයි හිතෝපදේශ 16:2

අපි දේව පොරොන්දු උරුම කරගෙන ජීවත් වන්නේ නම්, එය උතුම්ම ජීවිතයයි.

අපි පිබිද සිටිමු.

යෙසායා 52:1-2 සියොන්, පිබිදෙන්න, පිබිදෙන්න, ඔබේ බලය පැළඳගන්න; ශුද්ධ නුවරවූ යෙරුසලම, ඔබේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න. මක්නිසාද තවත් අචර්මඡේදිතයෙක්වත් අපවිත්‍රයෙක්වත් නැවත ඔබ තුළට නොපැමිණෙන්නේය. යෙරුසලම ඔබ ධූලි ගසාදමා, නැගිට වාඩිවෙන්න. වාලියෙක්වූ සියොන් දුව, ඔබේ බෙල්ලේ බැඳුම් ගළවාදමන්න.

දෙවියන්වහන්සේ සභාවට පවසන්නේ පිබිදෙන්න කියා.

බලය පැළඳ ගෙන පිබිදෙන්න.

ලූක් 10:19 පරිදි ස්වාමීන්වහන්සේ අපට බලය සහ ආධිපත්‍යය දී තිබෙනවා.

ක්‍රියා 1:8 අනුව ස්වාමීන්වහන්සේ ශුද්ධාත්ම බලයෙන් පුරවා තිබෙනවා.

අපි බලය පැළඳ ගන්නේ කොහොමද? අපගේ ප්‍රකාශයෙන්.
“මම බලවත්, බලවත් තැනන්වහන්සේය මා තුළයි.” 1 යොහන් 4:4

ලෝකයාගෙන් ජයගන්නාවූ ඇදහිල්ල උන්වහන්සේ ඔබටත් මටත් දී තිබෙනවා. 1 යොහන් 5:4

ඔබේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න. ධර්ම්ෂ්ඨකමේ වස්ත‍්‍ර, ගැළවීමේ වස්ත‍්‍ර පැළඳගන්න. යෙසායා 61:10

අපි ප‍්‍රකාශ කරමු ස්වාමිනි මට දුන්න ගැළවීම නිසා, මිදීම නිසා ස්තූතියි.

දූලි ගසා දමා අපි ජීවත්වෙමු. පොළොවට පමණක් සීමා වූ ජීවිතයක් නොව උසස් වූ ජීවිතයක් ගත කරමු.

මම නව මැවිල්ලක් වී සිටිනවා, මම ධර්මිෂ්ඨයි.

උන්වහන්සේ අපව යේසුස් කි‍්‍රස්තුස්වහන්සේ සමඟ ඔසවා තිබොනවා.
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ස්වර්ගීයවූ ස්ථානවල උන්වහන්සේ සමඟ අපව හිඳුවා තිබෙනවා. එපීස 2:6

දෙවියන්වහන්සේ අපට පවසන්නේ අවදිවන්න, පිබිදෙන්න.

උන්වහන්සේගේ සභාවට කියන්නේ නැගිටින්න.

නැගිට වාඩිවෙන්න. ස්වාමීන්වහන්සේ තුළ අපි විශ‍්‍රාම ගමු.

උන්වහන්සේගේ සභාවට කියන්නේ වාලියෙක්වූ සියොන් දුව, ඔබේ බෙල්ලේ බැඳුම් ගළවාදමන්න.

යේසුස්වහන්සේ මුළු සභාවේ හිසව සිටී, අපි හිස වන ස්වාමීන්ට බැඳී සම්බන්ධ වී සිටිමු.

දෙවියන්වහන්සේ පේ‍්‍රත‍්‍රැස්ගේ ජීවිතය ශුද්ධාත්ම බලයෙන් පුරවා වෙනස් කළා.

ක්‍රියා 1:8 නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක.

ධර්මිෂ්ඨකම පරම්පරාගත ආශීර්වාදයන් අපට ගෙන දෙනවා.

ගීතාවලිය 103:17
නුමුත් ස්වාමීන්වහන්සේගේ කරුණාව (ප්‍රේමය) තමන්ට භය ඇත්තන් කෙරෙහි සදාකාලයෙන් සදාකාලයටද, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දරුවන්ගේ දරුවන්ටද පවත්නේය.

භය ඇත්තන් යනු දෙවියන්වහන්සේගේ වචනයට මුල් ස්ථානය දෙමින් ගෞරව කිරීමයි.

යෙසායා 66:1-2 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අහස මාගේ සිංහාසනයය, පොළොව මාගේ පාපුටුවය. නුඹලා කෙබඳු ගෘහයක් මට සාදන්නහුද? නොහොත් මාගේ නිවාසස්ථානය කොතැනද? 2 මේ සියල්ල මාගේ අතින් සාදනලද්දේය, එසේ මේ සියල්ල සිදුවීයයි ස්වාමීන්වහන්සේ කියනසේකග එහෙත් යටහත්වූ, තැළුණු ආත්මයක් ඇත්තාවූ, මාගේ වචනයට වෙවුලන්නාවූ මනුෂ්‍යයා දෙස බලමි.

තැළුණු ආත්මයක් යන්නෙන් අදහස් කරන්නේ වචනය දන්නා කෙනෙක්, මේ ජීවිත ගමනේ හොඳ අත්දැකීමක් ඇති කෙනෙක්.

හිතෝපදේශ 24:16 පවසන පරිදි ධර්මිෂ්ඨයා කෙනෙක්.”
“මක්නිසාද ධර්මිෂ්ඨයා සත් වරක් වැටුණත් නැගිටින්නේය; නුමුත් දුෂ්ටයෝ විපත්තිය කරණකොටගෙන වැටීයන්නෝමය.

ඔහු දන්නවා දෙවියන්වහන්සේ කවදාවත් තමාව අත්නාරින බව. ආත්මයෙන් ගමන් කරන කෙනෙක් ආත්මික ඵල දරන කෙනෙක්.

ගලාති 5:22-23 නුමුත් ආත්මයාණන්වහන්සේගේ ඵල නම්-ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, 23 විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම යන මේවාය.

තැළුණු ආත්මයක් ඇති කෙනා ජීවිතයේ ඉගෙන ගන්න කැමතිව සිටී.

ඔහු කියන්නේ මට දෙවියන්වහන්සේගෙන් වෙන්ව ජීවත් වෙන්ට නොහැකියි.

වචනයට වෙවුලන්නාවූ මනුෂ්‍යයා උන්වහන්සේට ගෞරවය දෙන්නේය. උන්වහන්සේගේ වචනයට උතුම් ගෞරවය දෙන්නේය. අහස පොළොව මැව්ව ස්වාමීන් මගේ පියණෝය.

ගීතාවලිය 34:15 ස්වාමීන්ගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් උන්වහන්සේගේ කන් ඔවුන්ගේ මොරගැසීමටත් යොමා තිබේ.

ගීතාවලිය 103:17
නුමුත් ස්වාමීන්වහන්සේගේ කරුණාව (ප්‍රේමය) තමන්ට භය ඇත්තන් කෙරෙහි සදාකාලයෙන් සදාකාලයටද, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දරුවන්ගේ දරුවන්ටද පවත්නේය.

උත්පත්ති 6:6-7 තවද ස්වාමීන්වහන්සේ පොළොවෙහි මනුෂ්‍යයා සෑදූ බැවින් තැවී තමන් සිතෙන්ම ශෝකවූසේක. ස්වාමීන්වහන්සේ: මා විසින් මවනලද මනුෂ්‍යයා භූමිය මතුපිටින් නැතිකර දමන්නෙමි; මනුෂ්‍යයන්ද මෘගයන්ද බඩගායන සත්වයන්ද ආකාශයේ පක්ෂීන්ද නැතිකර දමන්නෙමි; මක්නිසාද මම ඔවුන් සෑදූ බැවින් තැවෙමියි කීසේක. 8 එහෙත් නෝවා ස්වාමීන්වහන්සේගෙන් කරුණාව ලැබුයේය.

නෝවා දෙවියන්වහන්සේගෙන් අනුග‍්‍රහය ලැබුවේය.

උත්පත්ති 6:9-11 නෝවාගේ පරම්පරා මේය. නෝවා ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්ව තමාගේ පරම්පරාවන්හි සම්පූර්ණව සිටියේය. නෝවා දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය.

නෝවා දෙවියන්වහන්සේගෙන් සමඟ කාලය ගත කළා, සම්බන්ධකමක් ගොඩනගා ගත්තා.

ස්වාමීන්වහන්සේ නෝවාට කථාකොට: නුඹද නුඹේ මුළු පවුලද නැවට ඇතුල්වෙන්න; මක්නිසාද නුඹ මේ පරම්පරාවෙහි මා ඉදිරියේ ධර්මිෂ්ඨව සිටින බව දුටුවෙමි.

උත්පත්ති 6:12-13 නෝවාට දාව ෂෙම්, හාම්, යඵෙත් යන පුත්‍රයන් තුන්දෙනෙක් උපන්නෝය. පොළොව දෙවියන්වහන්සේ ඉදිරියෙහි දූෂ්‍යවූවාය, පොළොව බලාත්කාරයෙන් පිරී තිබුණාය. දෙවියන්වහන්සේ පොළොව දෙස බැලූසේක; බලව, එය දූෂ්‍යව තිබුණාය; දෙවියන්වහන්සේ පොළොව දෙස බැලූසේක; බලව, එය දූෂ්‍යව තිබුණාය; මක්නිසාද මාංසමයවූ සියල්ලෝ පොළොවෙහි තමන්ගේ මාර්ග දූෂ්‍යකරගන සිටියෝය. දෙවියන්වහන්සේ නෝවාට කථාකොට: මාංසමයවූ සියල්ලන් කරණකොටගෙන පොළොව බලාත්කාරයෙන් පිරී තිබෙන බැවින් ඔවුන්ගේ අන්තිමය මා ඉදිරියට පැමිණ තිබේ; බලව, මම ඔවුන් පොළොව හා සමඟ විනාශකරන්නෙමි.

ජලගැල්මට පෙර සිටියේ දූෂ්‍යවූ නපුරු පරම්පරාවක්.

උත්පත්ති 6:4 ඒ දවස්හි යෝධයෝ පොළොවෙහි සිටියෝය, ඉන්පසුත් දෙවියන්වහන්සේගේ පුත්‍රයන් මනුෂ්‍යයන්ගේ දූවරුන් වෙතට පැමිණිකල ඒ ස්ත්‍රීන් ඔවුන් නිසා බිහිකළාවූ දරුවෝ පුරාණයෙහි සිටි කීර්තිමත්වූ බලසම්පන්න මනුෂ්‍යයෝ වූය.

මේ යෝධයන් සහ සියලුම පරම්පරාව විනාශ කරන්නට කාලය පැමිණ තිබුණා.

අද අපි ශාරීරිකව යෝධයන් නොදැක්ක නමුත් මනුෂ්‍යයන්ගේ දූෂ්‍ය වූ මනස නිසා ඔවුන් තුළ විශාල යෝධයන් බිහි කරගෙන තිබෙනවා. යෝධ මනස් තිබෙනවා.

දෙවියන්වහන්සේට විරුද්ධව කි‍්‍රයා කරන්නට දුෂ්ඨ දෙවල් කරන්නට මනුෂ්‍යයන්ගේ මනස් අශුද්ධ දේවල් වලින් පිරී තිබෙනවා.

මේ යෝධයන් පුරාණයෙහි සිටි කීර්තිමත්වූ බලසම්පන්න මනුෂ්‍යයෝය.

ඒ කාලයේ වාගේම අද දිනත් දෙවියන්වහන්සේව එපා කරන උන්වහන්සේට විරුද්ධව සිටින යෝධ මනස් තිබෙන අය සිටිනවා.

අපගේ මනස ඉතා වැදගත් අප තුළ කි‍්‍රස්තුස්ගේ මනස තිබිය යුතුයි.

මතෙව් 24:37‭-‬39
නෝවාගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් වන්නේය. මක්නිසාද ජලගැලීමට පළමු දවස්වලදී, නෝවා නැවට ඇතුල්වු දවස දක්වා, ඔව්හු කමින් බොමින්, සරණපාවාගනිමින්, සරණපාවාදෙමින් සිටියෝය. ජලගැල්ම පැමිණ සියල්ලන්ම ගසාගෙන යනතුරු ඔව්හු නොදැන සිටියෝය; මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එලෙසම වන්නේය.

අපි අද සිටින්නේ කි‍්‍රස්තුස්වහන්සේ තුළයි. අපි උන්වහන්සේගේ ආරක්ෂාව ඇතුව සිටින්නේ.

නෝවා තමා සිටි පරම්පරාවට පැමිණෙන්නට තිබූ ජලගැල්ම ගැන දැනුවත් කරන්න ඇති.

අපි යේසුස්වහන්සේගේ නැවත පැමිණීම ගැන මනුෂ්‍යන්ට දැනුවත් කරමු.


Watch the Sermon Video

Read 395 times