+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අපි දේවභයින් ජීවත්වෙමු - යෝෂා මනූ
June 12, 2022 Sunday Sermon Notes

අපගේ ශරීරයෙන් කරන සෑම දෙයක් ඉතා වැදගත් වන්නේ අපි මුළුමනින්ම උන්වහන්සේට අයිති නිසයි;

1 කොරින්ති 6:19-20
19 නොහොත් ඔබගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, ඔබලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද?
20 ඔබලා ඔබලාටම අයිති නැත; මක්නිසාද ඔබලා මිලේටගනු ලැබුවහුය. එබැවින් ඔබලාගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරන්න.

ගලාති 3:13ට අනුව දිළිඳුකම ශාපයක්. යේසුස්වහන්සේ අප වෙනුවෙන් ශාපයක් වී පාපයේ, ලෙඩ රෝගයේ හා දිළිඳුකමේ ශාපයෙන් අප මුදවා ගත්සේක.

ඔතු දීමනා පොත

ගීතාවලිය 23:1 ස්වාමීන්වහන්සේ අපගේ එඬේරා නිසා අපට හිඟයක් නොවන්නේය.

දෙවියන්වහන්සේගේ කැමැත්ත අපි ගැළවීම ලබා ගත් පසු නිදහස්කම තුළ ජීවත්වීමයි.

පොරොන්දු දේශයේ සිරකරුවෝ

දේව භයින් ජීවත්වෙන කෙනා උන්වහන්සේ ඉදිරියේ වැරැද්දක් කරන්න අකමැතියි.

උත්පත්ති 39:6-9 කියවන්න
යෝසෙප් තුළ දේව භය තිබුණ නිසා ඔහු කීවේ:
"එහෙයින් මම මේ මහත් දුෂ්ටකම කර දෙවියන්වහන්සේට විරුද්ධව කෙසේ පව්කරන්නෙම් දැයි ඈට කීවේය."

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ දෙනෙත් යොමු කර තිබෙනවා.

නෝවා තමාගේ නිවස පවුල ආරක්ෂා කරන පිණිස ඒ අය තුළ දේව භය ඇතුල් කළා

අපි යහපත් පවුලක් ගොඩනගා ගන්නවා නම් ස්වාමීන්වහන්සේට ගරුබියෙන් ජීවත්වීම වැදගත්.

හෙබ්‍රෙව් 11:7
ඇදහිල්ලෙන්, නෝවා ඒ වන තුරු නුදුටු දේ ගැන දෙවියන්වහන්සේ විසින් දන්වනු ලැබ, දේවභයින් පෙලඹී, තමාගේ පවුල ගැළවීමට නැවක් සෑදුවේය; එයින් ඔහු ලෝකයා වරදට පත්කොට, ඇදහිල්ලෙන් පැමිණෙන ධර්මිෂ්ඨකමට උරුමක්කාරයෙක් වූයේය.

නෝවා දෙවියන්වහන්සේගේ හඬ ඇසුවා. අපත් උන්වහන්සේගේ හඬ ඇසිය යුතුයි.

නෝවා ඇදහිල්ලෙන් ගමන් කළා. ඇදහිල්ලෙන් දේව හඬ ඇසුවා ඇදහිල්ලෙන් නැව ගොඩ නැගුවා.

හෙබ්‍රෙව් 11:6
මන්ද ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.

නෝවා ඇදහිල්ලෙන් කි‍්‍රයා කළ නිසා ඔහු විපාක ලබා ගත්තා. විනාශයෙන් මුදවනු ලැබුවා

යෝබ් 28:28
උන්වහන්සේ මනුෂ්‍යයාට කථාකොට: ප්‍රඥාව නම් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයින් සිටීමත් නුවණ නම් නපුරෙන් වැලකී සිටීමත්යයි වදාළසේකැයි කීවේය.

නපුරා අපව පොළඹවන්නේ නපුරු දේවල් රහසින් කරන්න. ඒක කවුරුත් දැනගන්ට යන්නේ නෑ.

ගීතාවලිය 19:9
ස්වාමීන් කෙරෙහි භය පිරිසිදුය, සදාකල් පවතින්නේය. ස්වාමීන්ගේ විනිශ්චයෝ සැබෑය, සම්පූර්ණයෙන්ම ධර්මිෂ්ඨය.

ගීතාවලිය 19:7-8
7 ස්වාමීන්ගේ ව්‍යවස්ථාව සම්පූර්ණය, ආත්මය ප්‍රාණවත්කරන්නේය. ස්වාමීන්ගේ සාක්ෂිය සත්‍යය, නුවණ නැත්තන් ඥානවත්කරන්නේය.
8 ස්වාමීන්ගේ පනත් සාධාරණය, සිත ප්‍රීතිකරවන්නේය. ස්වාමීන්ගේ ආඥාව පවිත්‍රය, ඇස් එළියකරන්නේය.

දේව වචනය තුළ අපි පවතිමු.

ගීතාවලිය 111:10
ස්වාමීන් කෙරෙහි භයවීම ප්‍රඥාවේ පටන්ගැන්මය; ඊට එකඟව හැසිරෙන සියල්ලන්ට යහපත් බුද්ධියක් ඇත්තේය. උන්වහන්සේගේ ප්‍රශංසාව සදාකල් පවත්නේය.

අපි යමක් කරන්න පටන් ගත් විට දේව ප්‍රඥාව ඇතුව කරමු.

හිතෝපදේශ 1:7
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම දැනගැන්මේ පටන්ගැන්මය. අඥානයෝ ප්‍රඥාවද ගුරුකමද හෙළාදකිති.

දේව භය තිබීමෙන් අපට දෙවියන්වහන්සේව දැනගැනීමට හැකිවනවා.

අඥානයා දෙවිකෙනෙක් නැතැයි කියා තමාගේ සිත තුළ කියාගත්තේය. ඔව්හු දූෂ්‍යව, පිළිකුල්වූ අයුතුකම් කළෝය; යහපත කරන්නෙක් නැත.
ගීතාවලිය 14:1; 53:1 කියවන්න.

අපි ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කළා කළොත් අපගේ පාපය අප පිටට පැමිණෙන බව සහතිකලෙස දැන ගත යුතුයි.
ගණන් කථාව 32:23

හිතෝපදේශ 9:10
ප්‍රඥාවේ පටන්ගැන්ම නම් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමය. ශුද්ධ තැනැන්වහන්සේ දැනගැනීම නුවණ වේ.

1 පේතෘස් 1:15
අපගේ ස්වාමීන් අපව කැඳවූ තැනන්වහන්සේය උන්වහන්සේ ශුද්ධව සිටින්නාක්මෙන් අපිත් අපගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටිමු.

හිතෝපදේශ 9:11
මක්නිසාද මා කරණකොටගෙන නුඹේ දවස් වැඩිවෙයි, ජීවිතයේ අවුරුදුද නුඹට එකතුකරනු ලැබේ.

දේව භයින් ගමන් කරන්නා දීර්ඝායුෂයෙන් ජීවත් වන්නේය.

හිතෝපදේශ 1:29
මක්නිසාද ඔව්හු දැනගැන්මට ද්වේෂකොට, ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම තෝරා නොගෙන සිටියෝය.

හිතෝපදේශ 1:10
දේව භය නැති අය අපව ඔවුන් සමඟ පව්කරන්න හඬ ගසන කල අපි ඔවුන් සමග එකඟ නොවෙමු.

හිතෝපදේශ 1:30‭-‬33
ඔව්හු මාගේ දැනමුතුකමට මුළුමනින්ම අප්‍රසන්නවී, මාගේ සියලු අවවාද සුළුකළෝය. එබැවින් ඔව්හු තමුන්ගේම ක්‍රියාවල ඵල ලබන්නාහුය, තමුන්ගේම මන්ත්‍රණවලින්ද තෘප්තියට පැමිණෙන්නාහුය. මක්නිසාද නුවණ නැත්තෝ තමුන්ගේ පසුබටවීම නිසා මැරුම්කන්නෝය. අඥානයෝ තමුන්ගේ නොසැලකිලිකම නිසා නැතිවන්නෝය. නුමුත් මට ඇහුම්කන්දෙන තැනැත්තේ සුවසේ වාසයකොට, විපතට භයනොවී, නිශ්චලව සිටින්නේය.

දේව භය ඇති කෙනා සමාදානයෙන් සුවයෙන් නිශ්චලව ජීවත් වන්නේය.

හිතෝපදේශ 2:1-5
මාගේ පුත්‍රය, නුඹ මාගේ කීම් පිළිගෙන, මාගේ ආඥා නුඹ වෙත තබාගෙන, ප්‍රඥාවට ඇහුම්කන්දී, ඥානයට නුඹේ සිත යොමු කරන්නෙහි නම්, එසේය, නුඹ නුවණට හඬගසා, ඥානයට නුඹේ ශබ්දය නගන්නෙහි නම්, නුඹ රිදී මෙන් ඇය සොයා, නිධාන ගැන මෙන් ඇය ගැන විභාගකරන්නෙහි නම්,

5 වැනි පදය
නුඹ ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම තේරුම්ගන්නෙහිය, දෙවියන්වහන්සේ හැඳිනගැනීමටද පැමිණෙන්නෙහිය.

හිතෝපදේශ 8:13
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම නම් නපුරට ද්වේෂකිරීමය. උඩඟුකමටත් අහංකාරයටත් නපුරු මාර්ගයටත් ප්‍රයෝග මුඛයටත් ද්වේෂකරමි.

නපුරාගේ ක්‍රියා අපි ද්වේශ කරමු.
යටහත් පහත්ව සිටීමෙන් අපට අනුග්‍රහය ලැබෙනවා.

හිතෝපදේශ 10:27
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් දවස් වැඩිවෙයි; එහෙත් දුෂ්ටයන්ගේ අවුරුදු හීනවන්නේය.

හිතෝපදේශ 14:26
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් බලවත් නිසැකකමක් තිබේ; එසේ භයවන්නන්ගේ දරුවන්ට රක්ෂාස්ථානයක් ලැබේ.

දේව භයින් සිටීම නිසා නිසැකකමෙන් ජීවත් විය හැකිය.

හිතෝපදේශ 15:33
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ප්‍රඥාවේ ගුරුකමය; ගෞරවයට පළමුවෙන් යටත්කම ඇත්තේය.

හිතෝපදේශ 16:6
කරුණාවත් සැබෑකමත් කරණකොට ගෙන අයුතුකම කමාකරනු ලැබේ; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් මනුෂ්‍යයෝ නපුරෙන් දුරුවෙති.

හිතෝපදේශ 19:23
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ජීවනයට පමුණුවයි; එය ඇත්තා තෘප්තියට පැමිණ, විපතට අසු නොවී සිටියි.

අපට තෘප්තිමත් ජීවත් වන්නට නම් දේව භය තෝරා ගමු.


Watch the Sermon Video

Read 384 times