+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබ ආශීර්වාද ලද්දෙකුය - මනූ මැතානි
June 12, 2022 Sunday Sermon Notes


අද සභාවේ සිටින සෙනඟගේ  හදවත් තුළ දේව භය නොමැතිකම නිසයි ඔවුන් වැරදි තීරණ ගන්නේ.

දේව භය තිබෙන කෙනෙක් ස්වාමීන්වහන්සේට සැබෑ ලෙස ප්‍රේම කරන්නේය.

දේව භය තිබෙන කෙනෙක් නපුරෙන් පලා යන්නේය.

දේව භය තිබෙන කෙනා උඩඟුකමෙන් ජීවත් වන්නේ නැත

දේව භය තිබෙන කෙනා කරුණාවන්තයි.

දේව භය තිබෙන කෙනා දේව කැමැත්ත අනුව තීරණ ගනී.

1 පේත්‍රැස් 4:1-2
ඉතින් ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් (අප උදෙසා) වධවින්ද බැවින්, මාංසයේ ඉතිරිව තිබෙන කාලයෙහි තවත් මනුෂ්‍යයන්ගේ තෘෂ්ණා ලෙස නොව, දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත්වෙන පිණිස එම සිත ආයුධයක් කොට පැළඳගන්න. මක්නිසාද මාංසයෙන් වධවින්ද තැනැත්තේ පාපයෙන් නිදහස්වී සිටියි.

මාංසයට වධදීමෙන් ඔබ දේව කැමැත්තයි කරන්නේ.

මාංසයේ ආශාවන් කුරුසපත කළ යුතුය.

1 පේතෘස් 4:3 සල්ලාලකම්වලද තෘෂ්ණාවලද බීමත්කම්වලද නපුරු මංගල්‍යවලද මත්පැන්බීම්වලද පිළිකුල්වූ රූපඇදහීම්වලද හැසිර, අන්‍යජාතීන්ගේ කැමැත්ත කරමින් නුඹලා ගතකළාවූ කාලය ඉතා ඇත.

1 පේතෘස් 4:4 ඔවුන් සමඟ එම අනාචාර බහුලත්වයට නුඹලා නොයන බැවින් ඔව්හු ඊට පුදුමව නුඹලාට අපහාසකරති.

2 කොරින්ති 4:4 නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබෙළන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධකළේය.

1 කොරින්ති 1:30 නුමුත් උන්වහන්සේ කරණකොටගෙන නුඹලා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නහුය. ඒ තැනන්වහන්සේ දෙවියන්වහන්සේගෙන් අපට ප්‍රඥාව එනම් ධර්මිෂ්ඨකමද ශුද්ධකමද මිදීමද කරනු ලැබූසේක.

2 කොරින්ති 7:10 මක්නිසාද දේවකැමැත්තට එකඟවූ ශෝකයෙන්, තැවෙන්ට කාරණයක් නොවන්නාවූ ගැළවීමට පමුණුවන පසුතැවිලිවීම හටගන්නේය. නුමුත් ලෞකික ශෝකය මරණය උපදවන්නේය.

ලෞකික ශෝකය එපා කරමු.

ඔබ වචනයට අනුව තීරණය ගැනීම ඉතා වැදගත්.

සත්‍යය කෙනෙකුව සම්පූර්ණයෙන්ම නිදහස් කරයි.

යෙසායා 51:11
ස්වාමීන්වහන්සේ විසින් මුදනලද්දෝ ගී කියමින් සියොන්ට හැරීඑන්නෝය; සදාකාල ප්‍රීතියද ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. සන්තෝෂයද ප්‍රීතිමත්කමද ඔවුන් පිටට පැමිණෙන්නේය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.

සීයොන් යනු දෙවියන්වහසේගේ අභිමුඛය.

අපි උන්වහන්සේ වෙත හැරී එමු.

ඔබ තුළ තිබෙන ප්‍රීතිය කිසිකෙනෙකුට සොරා ගන්නට නොහැකියි.

යොහන් 16:22
එසේ නුඹලාට දැන් ශෝකය තිබේ. නුමුත් නැවත නුඹලා දකින්නෙමි, එවිට නුඹලාගේ සිත ප්‍රීතිවන්නේය, නුඹලාගේ ප්‍රීතිය කිසිවෙක් නුඹලාගෙන් පැහැර නොගන්නේය.

කොලොස්සි 3:5
එබැවින් පොළොවේ තිබෙන නුඹලාගේ අවයවයන්, එනම් වේශ්‍යාකමත් අපිරිසිදුකමත් කාමරාගයත් නපුරු තෘෂ්ණාවත් රූපවැඳීමවූ තණ්හාවත් නසන්න.

තණ්හාව යනු රූපවැඳීමයි.

අපට තිබෙන දේ දීමෙන් ආශීර්වාද ලබා ගමු.

උන්වහන්සේ ශෝක වුනේ අපට ආශීර්වාදයක් වන පිණිසයි.

ස්වාමීන්වහන්සේ අපගේ රෝග දරාගත්තේ අපව සුවකරන්නයි.

මම ආශීර්වාදලද්දෙක්.

උන්වහන්සේ අපගේ සියල්ලෙන් සියල්ලයි.

මම අත තබන සියල්ල ආශීර්වාද ලබන්නේය.

මලාකී 3:12 නුඹලා වාසනාවන්තයෝයයි සියලු ජාතීන් කියනවා ඇත. මක්නිසාද නුඹලා ප්‍රියකරු දේශයක් වන්නහුයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.

ඔබ ආශීර්වාද ලද්දෙක් කියා සැවෝම පවසයි.

යොහන් 10:10 සොරා එන්නේ සොරකම්කරන්ටත් මරන්ටත් විනාශකරන්ටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධිකලෙස ලැබෙන පිණිසත්ය.

ස්වාමීන්වහන්සේ ඇවිත් සිටින්නේ අපට බහුලමත් ජීවනයක් දෙන පිණිසයි.

ස්තූතිමත් හදවතක් ඇතුව සිටින්න.

1 පේත්‍රැස් 3:15 නුමුත් නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේ කොට ක්‍රිස්තුස්වහන්සේට ගෞරවකරන්න. නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තරදෙන්ට නිතර සෑදී සිටින්න, නුමුත් මෘදුකමින්ද යටහත්කමින්ද එසේ කළ යුතුය.

ඔබ තුළ තිබෙන බලාපොරොත්තුව අන් අය සමඟ බෙදාගන්න.

ගණන් කතාව 14:28 ඔවුන්ට මෙසේ කියන්න–මා ජීවත්ව සිටිනවා සැබෑවා සේම මෙසේ කියමියි ස්වාමීන්වහන්සේ කියනසේක: නුඹලා මා ඉදිරියෙහි කීලෙසම නුඹලාට කරන්නෙමි.

ඒ නිසා අපි උන්වහන්සේගේ වචන සමඟ එකඟ වෙමු.

,හිතෝපදේශ 18:21 මරණයත් ජීවනයත් දිවේ වසඟයෙහි ඇත්තාහ; ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්තිවිඳින්නෝය.

අපේ දිව තුළින් අපේ මුලු ජීවිතයට ආශීර්වාදයක් වනු ඇත.

යාකොබ් 3:2-4 මක්නිසාද බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව. යමෙක් වචනයෙන් නොපැකිලේ නම්, ඔහු මුළු ශරීරය දමනයකරගන්ට පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්ය. අශ්වයන් අපට කීකරුකරගන්න පිණිස උන්ගේ කටවල කටකලියා දැමුවාම අපි උන්ගේ මුළු ශරීරයත් හරවාගනිමුව. මෙන්න, නැව් එපමණ මහත් නුමුත්, තද හුළංවලින් ගෙනයනු ලබන නුමුත්, ඉතා කුඩා සුක්කානමකින් එය අල්ලන්නා විසින් කැමති අතට හරවනු ලබයි.

අපගේ දිව පාලනය කරගත යුතුයි.

ගීතාවලිය 50:23 ස්තුතිපූජා කරන තැනැත්තේ මට ගෞරවකරයි; ස්වකීය හැසිරීම හරිලෙස පවත්වා ගන්නාට දෙවියන්වහන්සේගෙන් ලැබෙන ගැළවීම දක්වන්නෙමි.

යෙසායා 26:3 ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක.


Watch the Sermon Video

Read 398 times