+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබෙ නොමියන ප්‍රේමේ


ඔබෙ නොමියන ප්‍රේමේ

අහස් තලය තෙක් පැතිරෙයි
ඔබෙ විශ්වාසවන්ත බව
උසස්ය වළාකුල් සේ

දමිටුකම ඔබේ
තේජාන්විත පර්වතයක් සේ

ඔබෙ ප‍්‍රඥාව ගැඹුරුයි මහ සාගරයක් සේ
ඔබ මා වෙත පැමිණියේ

මා හද උතුරයි ඔබගේ කරුණා ගුණයෙන්
මාහට ඇත්තේ සමාදානය ඔබ සෙවනේ
මා කුස පුරවම්
ඔබේ අධික සඵල වූ ගෘහයෙන්

මා පිපාසය සංසිඳුවම් ප‍්‍රීතියේ ගඟුළින්
ඔබයි මගේ රජිඳුන් 
ඔබයි මගේ රජිඳුන්



ඔබ නමදිමී සවිබල දෙවිඳුන්


ඔබ නමදිමී සවිබල දෙවිඳුන්
නැත කිසිවෙකු ඔබ මෙන්
ඔබ නමදිමී සාමයේ කුමරුන්
මාගේ ප්‍රේමය ඔබටයි
ඔබ පසසමී - 
මාගේ දමිටුකම ඔබයි
ඔබ නමදිමී සවිබල දෙවිඳුන්
නැත කිසිවෙකු ඔබ මෙන් 
නැත කිසිවෙකු ඔබ මෙන්

 

Read 267 times