+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ඔබෙ නොමියන ප්‍රේමේ
ඔබෙ නොමියන ප්‍රේමේ
අහස් තලය තෙක් පැතිරෙයි
ඔබෙ විශ්වාසවන්ත බව
උසස්ය වළාකුල් සේ
දමිටුකම ඔබේ
තේජාන්විත පර්වතයක් සේ
ඔබෙ ප‍්‍රඥාව ගැඹුරුයි මහ සාගරයක් සේ
ඔබ මා වෙත පැමිණියේ
මා හද උතුරයි ඔබගේ කරුණා ගුණයෙන්
මාහට ඇත්තේ සමාදානය ඔබ සෙවනේ
මා කුස පුරවම්
ඔබේ අධික සඵල වූ ගෘහයෙන්
මා පිපාසය සංසිඳුවම් ප‍්‍රීතියේ ගඟුළින්
ඔබයි මගේ රජිඳුන්
ඔබයි මගේ රජිඳුන්
ඔබ නමදිමී සවිබල දෙවිඳුන්
ඔබ නමදිමී සවිබල දෙවිඳුන්
නැත කිසිවෙකු ඔබ මෙන්
ඔබ නමදිමී සාමයේ කුමරුන්
මාගේ ප්‍රේමය ඔබටයි
ඔබ පසසමී - මාගේ දමිටුකම ඔබයි
ඔබ නමදිමී සවිබල දෙවිඳුන්
නැත කිසිවෙකු ඔබ මෙන්
නැත කිසිවෙකු ඔබ මෙන්


