+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ඔබ මගෙ දුක උසුලා
ඔබ මගෙ දුක උසුලා - මගෙ ශෝකය දැරුවා
වේදනා විඳලා - සැම නින්දා දරා
ඔබෙ උරහිස් මත තැබුවා
ඔබේ ශරීරය කැඩුණා - පීඩාවෙන් තුවාල වුණා
නුමුත් කුරුසියෙදී මා නිදහස් වන පිණිසා
ඔබ මා ගැන සිතුවා
ඔබ මගෙ බර උසුලා කුරුසියේ මැරුණු දා
ලොවෙහී බර වන පාපය රෝගය
හා දරිද්‍රතාවය දරා
ඔබ තුවාල වූ නිසා - ඔබෙ කස පහරින් සුවයි මා
ඔබ මගෙ බර උසුලා - මා නිදහස් කළා
යේසුස් මගෙ බර උසුලා....
මා නිදහස් කළා....


