+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඉර හඳ තාරකා මැව්ව දෙවිඳු ඔබයි

 

CHORUS:
ඉර හඳ තාරකා මැව්ව දෙවිඳු ඔබයි
මා දිවි මුදවා ගැළවූ සමිඳු ඔබයි
සවිබල දෙවිඳේ මහිමය ඔබටමයි
සැමදා ඔබටයි - යේසුනි ඔබටමයි
(X2)

VERSE 1:
අඳුරෙන් ආලෝකයටයි
ඔබ කැඳෙව්වේ

වහල්භාවෙන් ඔබේ දරුවෙකු මෙන්
වෙනස් කළේ

යේසුනි සදාකාල ජීවනයයි
ඔබ දුන්නේ

ජීවනයයි මට දුන්නේ - හාලේලූයා

VERSE 2:
සැම ලෙඩ රෝගෙන්
ඔබමයි මා සුව කළේ

ලෞකික තෘෂ්ණාවෙන්
ඔබමයි ජය දුන්නේ

පියාණෙනි සැම දෙයට
විසඳුම ඔබමයි වන්නේ

විසඳුම ඔබමයි වන්නේ - හාලේලූයා

 

Read 498 times