+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සමිඳුන්ගේ ආශීර්වාදය


VERSE 1:

සමිඳුන්ගේ ආශීර්වාදය
පොහොසත්කම ලබා දෙයි
(x3)

එතුමන් එයට කිසිදා අපහට
දුකක් එකතු නොකරයි


CHORUS 1:
යේසුස්ගේ අනගි නමින්
අප සැම දෙන ගළවා ඇතේ
(x2)


VERSE 2:
හිමිගේ අභියසේ නිතරම ඇත්තේ
ප‍්‍රීතියේ පූර්ණකමයි
(x3)

එතුමගේ දකුණතින් අපහට දුන්නේ
සදාකල් සැපතමයි


CHORUS 2:
යේසුස්ගේ දකුණු පසින්
අප සැම දෙන හිඳුවා ඇතේ
(x2)


VERSE 3:
යේසුස් සමිඳුන් දිළිඳු වූයේ
අප ධනවත් කරන්නයි
(x3)

එතුමගේ තේඡුස් සම්පතේ හැටියට
සැමදේ අපහට සපයයි


CHORUS 3:
යේසුස්ගේ අනගි ලෙයින්
අප සැම දෙන මුදවා ඇතේ
(x2)


VERSE 4:
යේසුස් සමිඳුන් කුරුසේ මැරුණේ
අපගේ ණය ගෙවන්නයි 
(x3)

අපගේ පාපෙන් නිදහස ලැබුවේ
එතුමන් දුක් වින්ද නිසයි


CHORUS 4:
යේසුස්ගේ කස පහරින්
අප සැම දෙන සුව ලැබුවේ
(x2)



හාලේලූ හාලේලූ
හාලේලූ හාලේලූයා
(x2)

Read 251 times